මෑතදී නවීකරණය කළ යාල එළිෆන්ට් රීච් හෝටලය දෙසැම්බර් උත්සව සමයේ සංචාරකයන් උදෙසා ආකර්ෂණීය දීමනා, පහසුකම් හා වට්ටම් රැසක් සූදානම් කර ඇත. යාල ජාතික වනෝද්‍යාන පිවිසුම ආසන්නයෙහි පිහිටි එළිෆන්ට් රීච් හෝටලය නවීකරණය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 50කි. පාසල් නිවාඩුවත් උත්සව සමයත් එක් වන දෙසැම්බරය සතුටින් විනෝදයෙන් හා නිස්කලංක සුවයෙන් ගත කිරීමට කදිම ස්ථානයක් වන එළිෆන්ට් රීච් හෝටලය පවුල් හා කණ්ඩායම් වශයෙන් කාමර වෙන් කර ගන්නන් සඳහා විශේෂ වට්ටම් මෙන්ම නොමිලේ සෆාරි චාරිකාවක්ද සපයයි. ඊට අමතරව කුඩා දරුවන්ට තෑගි වැඩිහිටියන්ට පා සම්බාහන ආදී විශේෂ දීමනා හා පහසුකම්ද සපයයි. අත් පිට මුදලට මෙන්ම ක්‍රෙඩිට් කාඞ් සඳහාද වට්ටම් ඇත.
නත්තල් දින රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අතර කැරොල් ගායනා, ගිනි කෙළි, ළමා තරග ඇතුළු විනෝදාංශ ගණනාවක් ඊට ඇතුළත්ය. දෙසැම්බර් 31 රාත්‍රියේද විශේෂ භෝජන සංග්‍රහයක් මෙන්ම ඩිනර් ඩාන්ස් ඇතුළු විශේෂාංග රැසක් සංවිධානය කර ඇත.











