• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මෝටර් රථ නැවත පින්තාරු කිරීම් සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවීනතම වර්ණ ගැළපීමේ පද්ධතියක් හඳුන්වා දෙයි!

September 19, 2023
in Business
Reading Time: 3 mins read
A A
මෝටර් රථ නැවත පින්තාරු කිරීම් සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවීනතම වර්ණ ගැළපීමේ පද්ධතියක් හඳුන්වා දෙයි!
Share on WhatsAppShare on Facebook
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Six-angle Spectrophotometer ය 100% ක වර්ණ ගැළපීමේ නිරවද්‍යතාවයක්

මෝටර් රථවල නැවත පින්තාරුකරණයේදී නියම වර්ණය ගැළපීම සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවතම Six-angle Spectrophotometer ය පසුගියදා හඳුන්වා දුන්නේය. මෙය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රථම වරට වන අතර, එමගින් 100% ක වර්ණ නිරවද්‍යතාවයක් තහවුරුකර ගැනීමට හැකි වේ.

“මේවන විටත් අප Nax Premila 2k වර්ණ ගැලපුම් යන්ත්‍රය වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර, පාරිභෝගිකයින් හට ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින් අද දින Six-angle Spectrophotometer ය සමග n-MAX 2k යන්ත්‍රය හඳුන්වා දෙන බව ඉතාම සතුටින් දැනුම්දීමට කැමතියි. n-MAX 2k යන්ත්‍රය වාහන වල හදිසි අනතුරු, අලුත්වැඩියා කිරීම් සඳහා විශේෂයෙන් සකස්කර තිබෙනවා. Six-angle Spectrophotometer යනු, Nax Premila 2k සහ n-MAX 2k යන යන්ත්‍ර දෙකෙහිම මෘදුකාංග යොදා ගනිමින් වර්ණ සකස් කිරීමටත්, වර්ණ ගැළපීමටත් පහසුව සලසන ස්කෑනර් යන්ත්‍රයකි. මෙය මේවන විට ලංකාවේ ඇති එකම Six-angle Spectrophotometer යයි. එමගින් 100% ක වර්ණ ගැළපීමේ නිරවද්‍යතාවක් හිමිකර දෙන අතර, එය මගී ප්‍රවාහන රථවල සහ වාණිජ රථ ඇතුළු ඕනෑම වර්ගයක වාහන සඳහා යොදාගත හැකියි,” යනුවෙන් නිපෝන් පේන්ට් ලංකා සමාගමේ සාමන්‍යාධිකාරී නෙමන්ත අබේසිංහ මහතා සඳහන් කළේය.

Toner-to-Toner පද්ධතිය සහ පුළුල් පරාසයක ටෝනර් සමගින් නිපෝන් පේන්ට් සමාගමේ n-MAX SB වර්ණ විසඳුම්, යුරෝපීය තාක්ෂණයෙන් ගොඩනගා තිබේ. එමගින් වර්ණ ගැළපීම පහසු කරවන අතර වර්ණ ගැළපීමේ නිරවද්‍යතාව ද තහවුරු කෙරෙන බැවින් එය වාහන මතුපිට යළි නිමැවුම් කටයුතු සිදුකරන මධ්‍යස්ථානවලට ඉතා යෝග්‍ය වේ. 12,000 කට අධික අසමසම වර්ණ සංයෝග ක්‍රම ද සමගින් එන 20,000 කට අධික සංයෝග ප්‍රමාණය, මෝටර් රථ මතුපිට නිමැවුම් ක්ෂේත්‍රයේ නවත ම සංධිස්ථානයකි. තවද, වෙළෙඳපොළට හඳුන්වාදෙන ලද නවතම Six-angle Spectrophotometer ය, නවීනතම තාක්ෂණයෙන් යුතු, වර්ණ යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ සංයෝග මෙවලම් සහ අන්තර්ජාලයේ / අන්තර්ජාලයෙන් පිටත සහ ජංගම දුරකථන යෙදවුම්වලින් ප්‍රවේශ විය හැක. පුළුල් පරාසයක ටෝනර් වර්ග යොදාගැනීමේ හැකියාව පැවතිය ද, මුල් අදියරවලදී යොදා ගන්නා ටෝනර් වර්ග සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉතා අඩු වීම ද විශේෂත්වයකි. ඉක්මන් ප්‍රතිචාර සඳහා අත්දැකීම් බහුල තාක්ෂණික කණ්ඩායමේ සහ වර්ණ සහයෝගී දුරකථන අංකයේ ද සහයෝගය ලබාගත හැක.

නිපෝන් පේන්ට් ලංකා සමාගම, තීන්ත සහ කෝටිං කර්මාන්තයේ නවෝත්පාදන විසඳුම් සම්පාදනය කරන නිපෝන් පේන්ට් හෝල්ඩින්ග්ස් සමූහයට අනුබද්ධිත NIPSEA සමූහයේ සමාගමක් වේ. වසර 140 කට අධික වර්ධනීය ඉතිහාසයකට හිමිකම් කියන NIPSEA සමූහය, නිෂ්පාදන සහ මෙහෙයුම් මධ්‍යස්ථාන 102 ක 30,000 කට අධික කාර්යමණ්ඩල සාමාජික පිරිසකගෙන් සැදුම්ලත් සමාගම් සමූහයකි. භූගෝලීය ස්ථාන 22 ක් පුරා විහිදී ඇති 134 කට අධික NIPSEA සමාගම් හරහා එම මධ්‍යස්ථාන, නිෂ්පාදනයේ සිට පාරිභෝගික තෘප්තිය දක්වා ව්‍යාපාරයේ සෑම පැතිකඩයකම කාර්යක්ෂම සේවාවක් සපයයි. නිෂ්පාදන සහ විකුණුම් ආදායම පිළිබඳ සැලකීමේදී, එම සමූහය ආසියානු පැසිෆික් කාලාපයේ අංක 1 තීන්ත සහ කෝටිං නිෂ්පාදකයා ද වේ.

“n-MAX SB යනු, විශිෂ්ටත ම යුරෝපීය තාක්ෂණයෙන් යුතු පද්ධතියක් වන අතර, එමගින් තරඟකාරී සහ ආකර්ෂණීය මිලකට උසස් ටින්ට් විසඳුම් ලබාදීමට හැකියාව ලබා දී තිබෙනවා. පුළුල් පරාසයක ටෝනර් විසඳුම් රැසක් සහිත බැවින් එතුළින් වර්ණ ගැළපීම පහසුකරන අතර, සරළ මිල විකල්ප සහ නවීනතම වර්ණ ප්‍රකෘති කිරීමේ පද්ධතියක් ද හිමිකර දෙනවා. එම පද්ධතිය මගින් Nax Pro EZ පුළුල් උපාංග රැසක් ද පිරිනැමෙන අතර, එය උසස් කාර්යසාධනයෙන් සහ ඵලදායී විසඳුම් තරගකාරී මිලකට ලබා දෙනවා. නිපෝන් පේන්ට් ලංකා සමාගම හඳුන්වා දුන් Six-angle Spectrophotometer ය මෙරට රථ-වාහන නැවත පින්තාරු කිරීමේ ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක් කරනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

කොරියාවෙන් ලංකාවට වැඩි රැකියා! PHOTOS I Sri Lanka Latest News

Next Post

රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දීත් අරගල වෙලාවේ ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවන්න මිලියන 1414ක් වෙන් කරයි! දැනටමත් මන්ත්‍රීවරු 31 දෙනෙක්ට මිලියන 714ක් ගෙවලා! I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.