මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේදී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT K6+ නවතම SUV රථය පසුගියදා වැලිපැන්න MILPL අංගණයේදී මුල්වරට ධාවනයේ යොදවන ලදී.
මගී වාහන මාදිලියට අයත් මෙය ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන ක්‍ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කරන්නට සමත් වූ ප්‍රමුඛ පෙළේ රථයකි.
රු. 30,50,00ක මුදලකට හඳුන්වාදෙන මෙම රථය වසර 3ක වගකීම, කි.මී. 100,000 වගකීම මෙන්ම අයිඩියල් මෝටර්ස් දීපව්‍යාප්ත සේවා ජාලයද නිසා පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැකි රථයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය.
KUV100 NXT යනු මීට වසර 3කට පෙර හඳුන්වා දෙනු ලැබූ මෝටර් රථයක් වන අතර මේ වන විට ලොව පුරා තෘප්තිමත් පාරිභෝගිකයන් ලක්‍ෂයකට වඩා භාවිත කරනු ලබන රථයකි. යුරෝපය, අප්‍රිකාව, කොරියාව, ඕස්ටේ්‍රලියාව සහ මධ්‍යම දකුණු ඇමෙරිකාව යන කලාපයන්හි සාර්ථකව අත්හදා බලා ඇත. මෙය වර්තමානයේ යුරෝපය තුළ ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින නිෂ්පාදනයක් ලෙස සැලකේ.











