අසමසම ගනුදෙනුකාර අත්දැකීමක් සමගම ආයතනයටද ඉහළ ප්‍රතිලාභ අත්පත් කරගත් මහජන බැංකුවේ ඩිජිටල්කරණ පරිවර්තනයට නායකත්වය දෙමින් එය සාර්ථකත්වය කරා ගෙනයාම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාට CMO Asia සංවිධානය විසින් Innovation Leadership Awards ගෞරව සම්මානය පිරිනමන ලදී.
ලොවපුරා සිටින ඉහළ පෙළේ විධායක වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වය අගයන උසස් ආයතනයක් ලෙස CMO Asia හැඳින්විය හැක. එහි Innovation Leadership Awards මඟින් සන්නිවේදන තාක්ෂණ සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම හරහා තමන්ගේ ව්‍යාපාර පරිවර්තනයට නායකත්වය ලබාදෙන විශිෂ්ටයන් හඳුනා ගැනීම සිදුකරයි. කොඩිතුවක්කු මහතා මහජන බැංකුවේ නූතන පරිවර්තනයේ පුරෝගාමියෙකු වන අතර, ගනුදෙනුකරුවා මෙන්ම ආයතනයේ සේවකයන්ගේද ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කරමින් මානවීය බව තව තවත් වර්ධනය කරන අතරම තාක්ෂණික ප්‍රවේශයන් පුළුල් කිරීම, අන්තර් සම්බන්ධය ඉහළ නැංවීම හරහා ඩිජිටල්කරණයේ වරප්‍රසාද සියලුදෙනා වෙත සමීප කරවීය. රාජ්‍ය බැංකුවක් ඩිජිටල්කරණය වෙත රැගෙන යාම ඉතාම අභියෝගාත්මක කාර්යභාරයකි. කොඩිතුවක්කු මහතා එම කාර්යයේදී තමාගේ වෘත්තීය කෞෂල්‍ය, තාක්ෂණික ඥානය සහ මානව පරිපාලන දක්ෂතා මනාව පිළිඹිබු කරමින් මහජන බැංකුව, 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණ වූ බැංකුව වීමේ ඉලක්කය වෙත මඟ පෙන්වීය.