• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අත්තලා මුත්තලා රෝහලට නොයැවූ බත් හැන්දේ රහස

December 19, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
අත්තලා මුත්තලා රෝහලට නොයැවූ බත් හැන්දේ රහස
Share on WhatsAppShare on Facebook

නූතන සමාජයේ වෙසෙන පුද්ගලයන් කෘත්‍රිම ආහාර ගැනීමට බහුලව පුරුදුව සිටී. කාර්යබහුල සමාජයක ජීවත් වන මොවුන්ට කෘත්‍රිම ක්‍ෂණික ආහාර ඉක්මන් මෙන්ම ආර්ථිකවද සහන සලසන බැවින් මොවුන් මෙම ආහාරවලට ඇබ්බැහි වූවා යැයි කීම වරදක් නැත. නමුත් ක්‍ෂණික කෘත්‍රිම ආහාර අනුභවයෙන් ශරීරයේ නානාප්‍රකාර රෝග හටගැනීම අනිවාර්ය වෙයි. එම රෝග පෙනෙන රෝග මෙන්ම නොපෙනෙන රෝගද වෙයි. දියවැඩියාව, කොලොස්ටරෝල් හා ප්‍රෙෂර් සෑදීමට බහුලවන හේතුවද මෙම විපරිත කෑම රටාවයි. එමෙන්ම රස කාරකවල ඇති විෂ නිසා වකුගඩු ආසාදනය, පිළිකා වැනි රෝගද බහුල වෙයි.

පුරාණයේ විසූ අපගේ මුතුන් මිත්තන් නිරෝගී සුව භුක්ති වින්දා පමණක් නොව ඔවුන් දීර්ඝායුෂද වැලඳූහ. ඔවුන්ට කිසිවිට දියවැඩියාව, කොලොස්ටරෝල්, ප්‍රෙෂර් වැලැඳුණේ නැත. එමෙන්ම වකුගඩු ආසාදන හෝ පිළිකාවලින් මියගිය අයද නැති තරම්ය. එසේ වූයේ ඔවුන් ආහාරයට ගත් දේශීය ආහාර රටාවයි. විශේෂයෙන් අපගේ ප්‍රධාන ආහාරය වන ‘බත්’ ඔවුන් සකසා ගත්තේ කෘෂි රසායනවලින් තොරවය. රටින් ගෙනා හාල් ඔවුන් පරිභෝජනය කළේ නැත. ඔවුහු දේශීය ‘වී’ වගා කර ‘බත’ සඳහා හාල් ලබාගත්හ. ඒ සඳහා භාවිත කළ ඖෂධ ගුණයෙන් පිරිපුන් දේශීය වී වර්ග ගණනාවකි. ඒ අතර සුවඳැල්, කළු හීනටි, මඩතවාලු, පච්චපෙරුමාල්, කුරුළුතුඩ, රත්දල් සහල, හැටදා වී සහල, මිළු සහල, කහවණු සහල, ස්වයංජාත සහල ප්‍රධාන තැනක් ගනී.

මෙම සහල්වලින් පිසූ බත් අනුභවයෙන් ජනයාට ආයුෂ, සැප, බලය හා නිරෝගීකම නිතැතින් ලැබෙන බව පරීක්‍ෂණවලින් අද වන විට සොයාගෙන ඇත. මෙම දේශීය සහල්වලින් පිසූ බත් මෙන්ම කැඳ වර්ගද පානය බොහෝ වටී. මිළු, කැඳ, හීනටි සහල් කැඳ, සුවඳැල් සහල් කැඳ ආදී දේශීය හාල්වලින් සෑදූ කැඳ වර්ග අද වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාවද ඇත. කාර්යබහුල දිවිපෙවෙතක් ගෙවන කාන්තාවට මෙය මහඟු පිටිවහලකි. මෙම සහල්වලින් පිසූ බත් සහිත හෝටල්ද අද සෑම නගරයකම, ගමකම පාහේ තිබීමද දැකි හැකිය. සහල් සොයා ගැනීමේ අපහසුතා හා පිස සකස් කරගැනීමේ අපහසුතාවලින් තොරව එම දේශීය සහලින් පිසූ ආහාර මිලදී අනුභව කර තම ශරීර සෞඛ්‍ය රැකගැනීමේ භාග්‍යද අද ජනයාට ලැබී ඇත.

නමුත් මෙයින් ප්‍රයෝජන ගන්නේද බොහෝ ටික දෙනෙක් පමණි. කෘෂි රසායන යොදා වගා කර නෙළා ගන්නා බැර ලෝහ හා ආසනික් අඩංගු හාල් වර්ග භාවිතයට ගැනීම බහුලව දැකගත හැකිය. කෘෂි රසායන යොදා වගා කර නෙළා ගන්නා සහල්වල දේශීය සහල්වල ඇති ‘ප්‍රෝ අන්තො සයනයිඞ්’ යන පුද්ගල ශරීරයේ ඇති විස හා බැර ලෝහ ඉවත් කරන රසායනිකය නැති බවද සොයා ගෙන ඇත. කෘෂි රසායන ද්‍රව්‍ය යොදා ඇති හාලෙන් පිසූ බත්වල ඇති ආසනික් හා බැර ලෝහවල බලයෙන් පුද්ගලයන්ට වකුගඩු රෝග හා පිළිකා වර්ග ඇති කරනු ලබයි.

දේශීය සහල්වල ඇති ඖෂධීය ගුණය තවදුරටත් විග්‍රහ කළහොත් සුවඳැල් හාල ඉතා කිරිසුදු පැහැයෙන් යුතු සහලකි. අධික රුධිර පීඩනයට ඉතා සුබය. කටහඬ පැහැදිලි කරයි. ස්නායු ක්‍රියාකාරිත්වයට ඉතා සුබය. දියවැඩියාව පාලනය කරයි. ශරීර වර්ධනය හා ලිංගික ශක්තිය වඩවයි. මලබද්ධය සුවකරනු ලැබීමද දැකිය හැකිය. සුවඳැල් සහල අති පූජනීය සහලක් ලෙස සලකනු ලබයි. ඒ සමන් දෙවිඳුන් ලෝකයට දායාද කළ නිසාවෙනි. මෙමඟින් හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන අතර, හෘද ස්පන්දනයද නියමාකාරව සිදුකරයි. ඇස් පෙනීමටද ඉවහල් වන සුවඳැල් බත හෝ කැඳ රසවත් මෙන්ම පිසින විට සුවඳ වහනය වන සහලකි. සුවඳැල් හාල් වගා කිරීම මඟින් පසේ ඇති විෂ තුරන් වන බවද සඳහන්ය. ඒ සුවඳැල් ශාකය මඟින් පසේ ඇති එම විස උරා ගන්නා බැවිනි.



දේශීය හාලක් වන කළු හීනැටි සහල සෙන්ගමාලයට මෙන්ම සර්ප විෂට ඉතා යෝග්‍ය වෙයි. කාය ශක්තිය වැඩිදියුණු වීමට, දියවැඩියාව පාලනයට හා මලබද්ධයටද කළු හීනැටි හාලෙන් පිසූ බත් හෝ කැඳ අනුභවය ඉතා සුදුසුය. ඊට අමතරව ආහාර ජීරණ පද්ධතියේ ඇති රෝග සුව වීමට, ආසාත්මිකතා හෙවත් ඇලජික් ආදියටද ඉතා සුදුසු බව පුරාණ ඖෂධ පොතපතේ සඳහන් වෙයි. කිරිදෙන මව්වුරුන්ට හා ගැබිනි කාන්තාවන්ටද ඉතා සුදුසු සහලකි. කළු හීනැටි ශාකයේ ඇති කේශික මුල් තුළ විශේෂ බැක්ටීරියා රඳවා ගැනීමක් හා මුල් මඟින් උරා ගන්නා විෂ රසායනික ද්‍රව්‍ය වෙතොත් ඒවා එම බැක්ටීරියා මඟින්ම විනාශ කර දැමීමක් සිදු කරයි. මෙම කළු හීනැටි සහල රතු පැහැති සහලකි.
පච්චපෙරුමාල් සහල ශරීරයේ ඇති යකඩ, ප්‍රෝටීන් හා විටමින් පාලනයකට ලක්කරයි. දියවැඩියාවට ඉතා සුදුසුය. මුත්‍රා අමාරුවලට සුබය. වකුගඩුවලින් මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය පහසු කරනු ඇත. රතු රුධිර සෛල නිපදවීමේ ශක්තිය වැඩි කරයි. මෙම පච්චපෙරුමාල් සහලටම සියපත් ඇල් සහල ලෙසද නම් කරනු ලබයි. මෙම වී ඇටය අධික උෂ්ණත්වයකට වුවද ඔරොත්තු දෙයි. එහිදී සහලේ ඇති පෝෂ ගුණයට කිසිදු අයුරකින් හානි නොවන ලෙස වගබලා ගැනීමේ ශක්තියද හිමිය. නමුත් මෙම සහල පරිභෝජනයට ගතයුතු වන්නේ උෂ්ණය අඩු, සීතල කාලවලදීය. මෙම සහල නම් දරා ඇත්තේ රසකැවිලි වර්ග සෑදීමටය.

මඩතවාලු සහල ප්‍රෝටීන් හා මේදය දියකරලීමට අවශ්‍ය එන්සයිම අධික ‘වී’ ප්‍රභේදයකි. ඊට අමතරව මාංශ පේශීන් වර්ධනය කරනු ලබයි. ආහාර හොඳින් ජීරණය වී මලබද්ධය අවම කරයි. පිළිකාකාරක විනාශ කිරීමේ ශක්තිය මෙම සහලට ඇත. ශරීර උෂ්ණත්වයද මෙම සහල මඟින් සිදුවෙයි. තුන්දොස් සමනයට උපකාරී වෙයි. (වාත, පිත, සෙම) ශරීරය වර්ධනය කරයි. රුධිරය පිරිසුදු කරනු ලබයි. තරබාරුකම පාලනය කරයි. අර්ශස් රෝගය සුව කරයි. මෙකී නොකී ඖෂධීය ගුණයෙන් යුතු මඩතවාලු සහල මිනිසාට බොහෝ ගුණ වඩන සහලකි. මඩතවාලු ශාකය පසේ ඇති විෂ උරා ගැනීමක් සිදු නොකිරීමද මෙම ශාකයේ විශේෂ ගුණයකි.

කුරුළුතුඩ සහලද විශාල ඖෂධීය ගුණපිරි සහලකි. නිවුඞ්ඩ සහිත මෙම සහලෙන් පිසූ බත් අනුභව කිරීමෙන් හන්දිපත් රෝග සුව වීම, ඇටමිදුළු බල වර්ධනය, ජීරණ පද්ධතිය හොඳින් ක්‍රියා කිරීම, හිමොග්ලොබින් නිෂ්පාදන වැඩි වීම හා මලබද්ධය සමනයට මහෝපකාරී වෙයි. කුරුළුතුඩ සහල උපයෝගී කරගනිමින් කැඳ වර්ග සාදා පානය කිරීමද ඉතා ගුණදායක ක්‍රියාවකි.



මිළු සහල භාවිතා කර පිසූ බත් අනුභව කිරීමෙන් දියවැඩියාව පාලනය සිදුවන අතර, ආමාශයේ රෝග සුව කිරීම, ශරීර උෂ්ණත්වය පාලනය, ගැස්ට්‍රයිටීස් සුව වීම, අධික තරබාරු ගතිය පහව යෑම, හෘද රෝග සුව කිරීම, අපස්මාරය සුවවීම, රක්තවාතය සුව වීම, අතීසාරය සුව වීම, අර්ශස් රෝගය සුව වීම වැනි බොහෝ රෝග නොසෑදීමට හා එම රෝග සෑදුණු අයට එම රෝග සුව වීම මෙම මිළු බත ප්‍රයෝජනවත් වෙයි.

රත්දල් සහලද දේශීය ඖෂධ ගුණයෙන් පිරුණු සහලකි. මෙම සහලෙන් පිසූ බත් අනුභවය තුළින් මුත්‍රා ගල් නොසෑදේ. තුවාල සුව වෙයි. උණ රෝගය සුවපත් වෙයි. දිදුළන සමක් ලබා දෙයි. කැසීම්, දද, කුෂ්ඨ වළකයි. මෙම සහල ලස්සන රෝස පැහැයෙන් යුතු සහලකි. මෙම සහල බත් සඳහා පමණක් නොව කැඳ සෑදීමටද උපයෝගී කරගනී.

කහවණු යනුවෙන් හඳුන්වන දේශීය සහලද ඖෂධීය ගුණයෙන් අධික සහලකි. මෙම සහලෙන් පිසූ බත් අනුභවය මඟින් ආහාර ජීරණ පද්ධතිය හොඳින් ක්‍රියා කිරීම සිදුවෙයි. එනිසා මලබද්ධය ඇති වීම වළකයි. පිළිකා සෛල විනාශ කර පිළිකා ඇති වීම වළකාලයි. ඊට අමතරව ඇටමිදුළු හොඳින් ක්‍රියා කිරීම සිදුවෙයි. තවද ග්ලුකෝස් රුධිරයට අවශෝෂණය පාලනය කරයි. එමඟින් දියවැඩියාව පාලනය වෙයි. හන්දි රෝග මෙන්ම අක්මාවේ රෝගද සුව වී යයි.

හැටදා වී සහල ලෙස හඳුන්වන දේශීය සහල මඟින් සාදන බත් හෝ කැඳ භාවිතය තුළින් වාත, පිත හා සෙම මඟින් ශරීරයේ හටගන්නා සියලු රෝග නිවාරණය කරනු ලබයි. තරබාරු ගතිය අඩු කරයි. මලබද්ධය නැති වී යයි. බෝ වන රෝගද හටගැනීම වැළැකී යයි. මෙම දේශීය සහල් වර්ගයන්ගෙන් පිසූ බත් හා කැඳ අනුභව කිරීමෙන් නිරෝගිමත්, වාසනාවන්ත දිවි පෙවෙතකට හිමිකම් කිව හැකිය. නිරෝගී බව උතුම්ම ලාභය ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඒ ‘ආරෝග්‍යා පරමා ලාභා’ ලෙසය.

උතුම්ම ලාභය නිරෝගී කම නම් ඔබත් එම ලාභය අත්පත් කරගැනීමට යුහුසුලු වන්න. අපේ දෙයක් වන දේශීය සහලෙන් පිසූ බත් අනුභවකර නිරෝගී සුවය දිවිය පුරා භුක්ති විඳින්න.

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී
පල්ලෙබැද්ද, පානදුර

SendShareShare
Previous Post

මහජන බැංකුව ඩිජිටල්කරණය කළ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු මහතාට CMO Asia විසින් ගෞරව සම්මානයක්

Next Post

මිනිසුන්ට අහසින් යන්න පාර පෙන්නපු ග්‍රීක මිථ්‍යා කතාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.