දශක හයක මහජන බැංකු ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සුරතින් අතිනවීන ඩිජිටල් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මැයි මස 28 වැනිදා සුබ මොහොතින් ආරම්භ කෙරිණි.
ඒ අනුව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාර්ගගත (Online) ක්‍රමයට එහි සමරු ඵලකය විවෘත කළ අතර, මෙම අවස්ථාවට මුදල්, ප්‍රාග්ධන වෙළෙදපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මැතිතුමන්ලා, මහ බැංකුවේ අධිපති ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතු
ඵ අධ්යක්ෂ මණ්ඩලය සහභාගි වූහ.