සමගි ජන බලවේගය අද (22) දින පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමක් ප්රතික්ෂේප කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කොට ඇත.
ඒ, ජනතා ප්රශ්න සාකච්ජා කිරීම සදහා පාර්ලිමේන්තුව රැස්වන වේලාව දීර්ඝ කරන ලෙසට කළ ඉල්ලීමකි.
මෙහිදී සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර පැයක් සහ පාර්ලිමේන්තුව අවසන් කිරීමෙන් පසු පැයක් ලෙස පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරන ලෙසය.
නමුත් කතානායකවරයා ඊට එකගතාව පළ කොට නැත.