එතෙර සිට මෙරටට වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් මහජන බැංකුව වෙතින් ලබා ගන්නා ජයග්‍රාහකයින් 100 දෙනෙකුට රුපියල් 10,000 බැගින් වූ වටිනා තෑගි පාර්සල් 100 ක් ලබාදීමට දියත් කළ වැඩසටහනේ ඔක්තෝබර් හා නොවැම්බර් මස දිනුම් ඇදීම පසුගියදා කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. ඒ අනුව මෙහිදී වාසනාවන්ත ජයග්‍රාහකයින් 50 දෙනෙකු තෝරා ගැණිනි.
වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් ඔක්තෝබර් 01 වැනිදා සිට 2021 ජනවාරි 31 වැනිදා දින දක්වා මහජන බැංකුව ශාඛාවන් මගින් ලබාගන්නා පුද්ගලයින් මේ සඳහා සුදුසුකම් ලබා තිබිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පූර්ණ ව්‍යාපාර බැංකුකරණ) නිපුණිකා විජේරත්න මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරිනී (එතෙර ගනුදෙනු සේවා) අනෝමා මුද්දුව යන මහත්මීන් සහ අලෙවි ප්‍රධානි නාලක විජේවර්ධන මහතා සහභාගි වූහ.











