• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට රඟපාන්න ලැබුණේ ලොකු පිනකට

December 13, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මට රඟපාන්න ලැබුණේ ලොකු පිනකට
Share on WhatsAppShare on Facebook

මගේ හීනෙ හැබෑ වුණා…

රඟපානවට Boy friend කැමැති නෑ…

ටෙලිනාට්‍ය කලාවට අලුත් කලාවක් එකතු කරමින් පැමිණි මිනි සීරියස් ටෙලිනාට්‍යයක් ලෙසට ‘පොදු’ ටෙලිනාට්‍ය හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ‘පොදු’ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය ශිල්පීන් සමඟ නවක ශිල්පීන් රැසක් රඟපානවා. ඒ සිහින තරු අතර කාගෙත් ආදරය දිනාගත්ත නිලූ ගැන ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා කවුද මේ කෙල්ල කියලා. හැමදාමත් අලුත් දේවල් ගේන ‘මව්රට’ ජාතික පුවත්පත ඒ කෙල්ල හොයාගත්තේ ඔබට ඇය ගැන කියන්නට. ඇය තමයි ලහිරුණි සල්වතුර.
ලහිරුණි කතාව මුලපුරන්නට කලින් අපි කැමැතියි මුලින් ඔබ ගැන දැනගන්නට?
මම ලහිරුණි සල්වතුර. මගේ ගම්පළාත් මීගොඩ. දැනට වැලිසර තමයි ඉන්නේ. මගේ පවුලේ විස්තර විදියට කෙටියෙන් කිවුවොත් මට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. අම්මයි, තාත්තයි සමඟ අපේ පවුල සතුටින්, විනෝදයෙන් ජීවිතය ගතකරනවා.
ඒ සතුට දැන් දෙගුණවී කාලය ගෙවී යනවා ඇති නේද?
ඔව්… ඉතින් ජීවිතයේ කවදාවත් නොසිතපු මොහොතක මගේ සිහිනය සැබෑ වුණා. කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට තාරකාවියන් අතරට මමත් එකතු වෙයි කියලා. මේ සියල්ලටම හේතුව මේ දවස්වල විකාශය වන පොදු ටෙලිනාට්‍ය ‘නිලූ’ට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි.
ඉතින් ඔබව දැන් ගොඩදෙනෙක් දන්නේ ‘නිලූ’ විදියටයි. මේ වරම ලැබුණු විදිය දැනගන්නට කැමැතියි?
මෙහෙමයි, මගේ හොඳම යෙහෙළියක් ඉන්නවා ඔමාලි කියලා. එයා හරහා උදේශ් කුමාර අයියාව දැනහඳුන ගන්න ලැබුණා. උදේශ් අයියාගේ මඟපෙන්වීම යටතේ තමයි මට ‘පොදු’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂිකා ශර්මිලා ධර්මරාෂව දැනහඳුන ගන්න ලැබුණේ. ඉතින් පොදු ටෙලිනාට්‍යයේ සම්මුඛ පරීක්‍ෂණයට එන්න කියලා මටත් කිවුවා. සති කිහිපයකට පසු මට දුරකතන ඇමැතුමක් දීලා එතුමිය කතා කරලා කිවුවා ‘පොදු’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරාගත්තා කියලා.
ඉතින් ඊට පස්සේ?
මම හිතුවෙත් මාව තෝරා ගනීවි කියලා. ඒ වදන් පෙළ මට ඇසුණු විට පුදුමාකාර සතුටක් දැනුණේ. විශේෂයෙන්ම ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් මට රඟපාන්න ලැබීමත් ලොකු පිනක් කරලා ඇති. මේ තරම් ජනතා ආදරයක් මම අද ලබන්නේ ඒ නිසාමනේ. ඔය විදියට තමයි මම ‘නිලූ’ බවට පත්වුණේ.
එතකොට ගුවන් සේවිකාවක් වීමට සිහින දැකපු ඔබ ඒ සියල්ල අතහැර රඟපෑමට යොමුවෙන්නද හදන්නේ?
මම ගුවන් සේවිකාවක් විදියට අවුරුදු දෙකක් විතර වැඩ කරගෙන ගියා. ඒත් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන නිසා ටික කාලයකට මම ගුවන් සේවයෙන් ඉවත්වෙලා ඩිග්රියේ වැඩකටයුතු කළා. දැන් මගේ අධ්‍යාපන වැඩකටයුතු ඉවරයි. ගුවන් සේවයට යන්න හිටියත් මේ කොවිඞ් ප්‍රශ්න නිසා මේ කාලවකවානුවේ යෑමට අපහසුයි. රැකියාවක් සොයමින් ඉන්න අතරතුර තමයි මට ‘පොදු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ.
රඟපාන්න යනවාට පෙම්වතාගෙන් විරුද්ධත්වයක් ආවාලු නේද?
ඔව්… ඉතින් මම මේ විස්තර ටික කිවුවාම ඔහුගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මම හැමදේම තේරුම් කරලා ඔහුට පැවැසුවා. ඉතින් මාව තේරුම් ගෙන මගේ පෙම්වතාගෙන් වගේම පවුලේ අයගෙනුත් අවසර ලැබුණා. විශේෂයනේ මගේ මවුපියන් මට විරුද්ධ වෙන්නැහැ. ඔවුන්ට හොඳ අවබෝධයක් වගේම මම ගැන විශ්වාසයක් තිබෙන නිසා. මට සම්පූර්ණම නිදහස දීලා තියෙන්නේ.
‘පොදු’ ටෙලිනාට්‍යයේ සියලුම ශිල්පීන් මෙහෙයවන්නේ ගැහැනියක්. ඔබට එය ගැන යමක් කිවහැකිද?

අනිවාර්යයෙන්ම, මොකද මේ ක්‍ෂේත්‍රයේ නිර්මාණකරණ වැඩවල වැඩිපුරම වැඩකටයුතු කරන්නේ පිරිමි අය තමයි. ඉතින් මගෙත් වාසනාවට එතුමිය සමඟ වැඩකරන්න ලැබීම සතුටක්. මොකද ගැහැනියකට, ගැහැනියක් තේරුම් ගැනීම පහසු නිසා. කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ ‘පොදු’ ටෙලිනාට්‍යයට සියලුම ශිල්පීන්ගෙන් ලැබුණු සහාය වගේම ගැහැනියක් සියල්ල කරටගෙන වැඩ කිරීම නිසා තමයි මේ නිර්මාණය සාර්ථක වීමේ රහස.
ලැබෙමින් පවතින ජනප්‍රියත්වය නිසා නිර්මාණවලින් අඩුවක් නැතුව ඇති නේද?
ටෙලිනාට්‍ය දෙකකින් ආරාධනා ලැබුණා. මෙගා ටෙලිනාට්‍යවලින් තමයි කතා කළේ. මගේ වැඩකටයුතුවලට බාධාවක් නොවන විදියට වැඩ කරගෙන යනවා. සන්දෙශ් බණ්ඩාර රූප රචනා කරන ලද ‘පාට පාට ආදරේ’ මියුසික් වීඩියෝ එකේ රඟපෑවා. ළඟදීම එය දැකබලා ගන්නට පුළුවන් වෙයි මගේ ආදරණීය රසික රසිකාවියන්ට.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මහජන බැංකුවෙන් රුපියල් 1,000,000ක් වටිනා තෑගි මලු

Next Post

භූමදාන අර්බූදය ලන්ඩන් අරන් ගිය වීඩියෝව මෙන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.