වසර 57ක් පුරා මව්වරුන්ගේ විශ්වාසය දිනූ සාඩම්බර දේශීය නිෂ්පාදනයක් වන බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ අංක “1” ළදරු නිෂ්පාදන වෙළෙඳ නාමයයි. තත්ත්වයෙන් උසස් නිෂ්පාදන රැසකින් සමන්විත බේබි ෂෙරමි සන්නාමයේ විශිෂ්ටත්වය තවදුරටත් සහතික කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිරිනමන SLS තත්ත්ව සහතිකය හිමිකරගත් එකම ශ්‍රී ලාංකීය ළදරු නිෂ්පාදනය බවට පත්වීමේ ගෞරවය හිමිකරගන්නට බේබි ෂෙරමි සබන් පසුගියදා සමත් විය.
2020 ජූලි 16 වැනි දින හේමාස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්සවයකදී මෙම තත්ත්ව සහතික ප්‍රදානය නිල වශයෙන් සිදු කරන ලදී. ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ හේමාස් සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර, එහිදී අදහස් දැක්වූ හේමාස් මැනුෆැක්චරින් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂිකා – අලෙවි, ෆියෝනා මුණසිංහ මහත්මිය සඳහන් කර සිටියේ ළදරු නිෂ්පාදනයක් පාරිභෝගිකයින්ට පිරිනැමීමේදී අපි ඉතාමත් වගකීමකින් යුතුව එහි තත්ත්වය ගැන සැලකිලිමත් වෙනවා. රට පුරා මව්වරුන් ඔවුන්ගේ වටිනාම වස්තුව වන දරු පැටියන්ට බේබි ෂෙරමි නිෂ්පාදන භාවිතා කිරීමෙන් අප කෙරෙහි තැබූ විශ්වාසය වඩාත් නිවැරදි බව මේ SLS සහතිකය හරහා තවත් ඔප්පු වෙනවා.











