කොවිඞ් අර්බුදය මධ්‍යයේ වුවද ඉකුත් ජුනි-සැප්තැම්බර් මූල්‍ය කාර්තුව තුළ ඉහළ ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට මෙරට මූල්‍ය සේවා අංශයේ ප්‍රකට සමාගමක් වන බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකිවී තිබේ. අභියෝගකාරී කාලසීමාවකදී එවන් වර්ධනයක් අත්කරගැනීමට මාර්ගෝපදේශනය ලබාදුන් රජයටත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවටත්, බැංකු සහකරුවන් හා පාරිභෝගිකයින් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ටත්, බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සිය කෘතවේදීත්වය පළ කර සිටී.
වසංගත කාලසීමාව තුළ බිම්පුත් ෆයිනෑන්ස් ආයතනයේ මුදල් ප්‍රවාහයට මෙන්ම පොලී ආදායමටද දැවැන්ත බලපෑමක් ඇති වූ නමුදු, තම පාරිභෝගිකයන්ගේ අසීරුතා මැනවින් අවබෝධ කරගනිමින් 40,000ක පමණ පාරිභෝගික පිරිසකට ණය සහන කාල පරිච්ඡේද ලබාදීමට සමාගම පියවර ගෙන තිබුණි. ආර්ථිකමය අභියෝගයකට මුහුණපා සිටින තම පාරිභෝගිකයන්ට මූල්‍ය සහනයක් හිමිකරදීම, එහි අරමුණ විය.
“ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ මූල්‍ය අංශය තුළ ස්ථීර හා ඉදිරිගාමී භූමිකාවක නිරතවීම සඳහා අපි තිරසාර හා විවිධාංගීකරණය වූ ව්‍යාපාර සැලැස්මක් ක්‍රියාවට නැංවූවා. එම ශක්තිමත් තත්ත්වය වගේම දක්ෂ මූල්‍ය කළමනාකරණයත්, ජවසම්පන්න ආකල්ප හා අපගේ කාර්ය මණ්ඩලයේ උද්‍යෝගයත් නිසා කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා මතු වූ ඇතැම් බලපෑම් වළක්වා ගැනීමටත්, අපගේ ව්‍යාපාර කටයුතු වහාම නිවැරදි මාවතට ගැනීමටත් අපට හැකිවුණා. එය අප සමාගමේ ශක්තියට හා මූල්‍ය ස්ථාවරත්වයට කදිම සාක්ෂියක්” යනුවෙන් බිම්පුත් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පී. නිරන්ජන් මහතා පැවසීය.











