මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම අනාගත මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ජයගත හැකි හා 11%ක (11.62%ක වා.ස.පො.) තරඟකාරී පොලී අනුපාතයක් සහිත Premier Reward Plan ආයෝජන සැලසුම පසුගියදා මෙරට ගනුදෙනුකරුවන්හට හඳුන්වාදුණි. මෙය විවාහ උත්සව, විදෙස් සංචාර, විදේශීය වන්දනා ගමන්, අධ්‍යාපනික වියදම් ආදී ඉදිරියේ යෙදෙන විශේෂිත මූල්‍ය අවශ්‍යතා මෙම ආයෝජන සැලසුම අනුව පහසුවෙන් ජයගත හැකිවේ.
එමෙන්ම Premier Reward Plan ආයෝජන සැලසුම යටතේ රුපියල් 100,000 සඳහා වසර 5ක ආයෝජනය වෙනුවෙන් ගෙවිය යුතු අවම මාසික ගෙවීම වන රුපියල් 1,247.00 වෙනුවට එම මුදලට වඩා වැඩි මුදලක් තැන්පත් කළහොත් අවසානයේ 11%ක පොලී අනුපාතයක් සමඟ වැඩි මුදලක් හිමි වේ. තවද මෙහි විශේෂත්වය වන්නේ 1,000,000ක් සඳහා වසර 5ක ආයෝජන සැලසුම වෙනුවෙන් එයට එක්වන ගනුදෙනුකරුවකු වසර 5ක් ඇතුළත ගෙවිය යුතුවන්නේ රුපියල් 750,000ක් තරම් මුදලක් වීමයි.