2019 අප්‍රේල් අගභාගයේ සිට සැප්තැම්බර් මැද භාගය දක්වා සෙනසුරු ධනු රාශියේ වක්‍ර ගමනේ යෙදුණි. කෙසේ නමුත් 2019 සැප්තැම්බර් 18 වැනි බදාදා සවස 06.14ට පමණ වක්‍රයෙන් මිදී සුපුරුදු ගමනේ එනම් ධනු රාශියේ ගමන් කරයි. පුරා මාස 5කට අධික කාලයක් සෙනසුරුව වක්‍ර වීම ලග්නයට කෙසේ බලපායිද?
මේෂ ලග්නය
මේෂ ලග්නය හිමි ඔබගේ කේන්දරයේ සෙනසුරු වක්‍රයෙන් මිදී සුපුරුදු ගමන ආරම්භ කරන්නේ නවවැන්න ගතවයි. ඔබට මෙතෙක් තිබූ කරදර බාධක අවම වී යහපත උදාවෙයි. හදිසි ධන ලාභ හිමිවෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම විදේශ ගමන් බිමන් යෙදීම වෙනදාට වඩා ආගමික කටයුතුවල යෙදීම වැඩි වශයෙන් සිදුවෙයි.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සෙනසුරු සුපුරුදු ගමන යෙදෙන්නේ 8 වැන්නේය. ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල කාලයක් බැවින් ප්‍රවේශම් වීම වඩාත් සුබදායකය. නමුත් පසුගිය කාලය තුළ පැවැති කරදර බාධක තරමක් අවම වී යහපත් කරුණු යෙදේ.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමි ඔබගේ කේන්දරේ සෙනසුරු සුපුරුදු ගමන යෙදෙන්නේ හත්වැන්නේය. හවුල් කටයුතු, පවුල් කටයුතුවල පැවැති බාධක අවම වී යහපතට කරුණු යෙදේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ විවාහ කටයුතු ඉක්මන් වීමත් මංගල යෝග උදාවීමත් සිදුවෙයි.
කටක ලග්නය
කටක ලග්න හිමි ඔබගේ ලග්නයේ සෙනසුරු ගෝචර වන්නේ 6 වැන්නේය. පැවැති සතුරු කරදර බාධක සෙනසුරු බිය අවම වී ශරීර සෞඛ්‍ය යහපත්වේ. වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හේතුවන කරුණු යෙදේ.නොගැළපෙන අය ආශ්‍රය කිරීමේදී ප්‍රවේශම් වන්න.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සෙනසුරු සුපුරුදු ගමන යෙදෙන්නේ 5 වැන්නේය. අධ්‍යාපනය ලබන දරුවන්ගේ උනන්දුව වැඩි කරයි. ඉගෙනීමේ කටයුතු බාධක මැද වුවත් සාර්ථකව කරගෙන යෑමට හැකිවේ. දරුවන්ගේ වැඩකටයුතු ගැන සතුටු වීමට කරුණු යෙදෙන කාලයකි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමි ඔබගේ කේන්දරයේ සෙනසුරු වක්‍රයෙන් මිදී සුපුරුදු ගමන යෙදෙන්නේ 4 වැන්නේය. ඥාතීන් සමග පැවැති ප්‍රශ්න විසඳී සාමය, සතුට හිමිවේ. ඉඩකඩම් මිලදී ගැනීම, ඉදිකිරීම් සඳහා ආරම්භයක් ඇතිවේ. විදේශ ගතවන අයට බාධකයකින් තොරව විදේශගත වීමට මඟ පෑදේ.
තුලා ලග්නය
තුලා ලග්න හිමි ඔබගේ කේන්දරේ සෙනසුරු සුපුරුදු ගමන යෙදෙන්නේ 3 වැන්නේය. විදේශ ගමන් බිමන් යෙදීම ගරු නම්බු සැලකිලි ලැබීම සමාජ සේවා කටයුතුවල යෙදීම ඇතිකරයි. තරමක් උනන්දුව අවම වන බැවින් වෙනදාට වඩා කාර්යක්ෂම වන්න.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමි ඔබගේ කේන්දරේ සෙනසුරු සුපුරුදු ගමන යෙදෙන්නේ 2 වැන්නේය. 3 සහ 4 අධිපති සෙනසුරු බැවින් ඔබට හදිසි ධන ලාභ ලැබීම වැඩිහිටි අයගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන, විදේශගත වීමේ භාග්‍ය ඇති කරයි.
ධනු ලග්නය
ධනු ලග්න හිමි ඔබගේ කේන්දරේ ලග්නගතව සුපුරුදු ගමන යෙදෙන සෙනසුරු ලග්න ඒරාෂ්ටක අපල කාලයක් බැවින් තරමක් ප්‍රශ්න ඇතිවෙයි. නමුත් පසුගිය කාලයට වඩා යම් සහනයක් ඇති කරයි. වෙනදාට වඩා ආගම් කටයුතුවල යෙදෙන්න.
මකර ලග්නය
මකර ලග්න හිමි ඔබගේ කේන්දරේ සෙනසුරු සුපුරුදු ගමන යෙදෙන්නේ 12 වැන්නේය. පැවැති නීතිමය ප්‍රශ්නවලට යම් සහනයක් ලැබේ. වියදම් අවම වීම තුළ ආර්ථිකය ශක්තිමත් වේ. පවුලේ සතුට, ප්‍රීතිය ඇති කරයි. පවුල් ආරවුල් විසඳෙයි. ආගමික කටයුතු, සමාජ කටයුතු කෙරෙහි වෙනදාට වඩා යොමුවේ.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමි ඔබගේ කේන්දරේ ලග්නාධිපති සෙනසුරු සුපුරුදු ගමනේ යෙදෙන්නේ 11 වැන්නේය. ධන ස්ථානගතව ගමන් කිරීම තුළ හොඳ සමාජ සම්බන්ධතා ඇතිවීම සමාජ සේවා කටයුතු තුළින් ගරු නම්බු ලැබීම ආර්ථිකය ශක්තිමත් වීම යහපත් මිත්‍රයන් ඇසුරු කිරීමට වාසනාව යෙදේ.
මීන ලග්නය
මීන ලග්න හිමි ඔබගේ කේන්දරේ සෙනසුරු ගෝචර වන්නේ 10 වැන්නේය. රැකියාව සම්බන්ධ කටයුතුවල පැවැති බාධක අවම වී යහපතට කරුණු යෙදේ. උසස් වීම් හිමිවීම්, ගරු නම්බු ලැබීම්, විදේශගත වීම වැනි යහපත් තත්ත්වයන් ඇතිවෙයි.











