ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, තම ශාඛා 200ක් තුළින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කළ ‘හිමිතැන පළමු තැන රට හැමතැන’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා විය.
මෙම ‘හිමිතැන පළමු තැන රට හැමතැන’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබී්‍ර ඊබ්‍රහිම් මහතා හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු 2,500කට වැඩි එම සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලය සහභාගී වූ හා එකම දිනයක දිවයින පුරා ක්‍රියාත්මක කළ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් වීම විශේෂත්වයකි.
විශේෂයෙන්ම මෙහිදී වාහන ලීසිං, වාහන ණය, ත්‍රීවිලර් ලීසිං හා ව්‍යාපාරික ණය යන අංශ සතර කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමු කෙරුණි. එනම් වාහන ලීසිං පහසුකම් හා වාහන ණය පහසුකම් යටතේ පීපල්ස් ලීසිං සමාගම දිවයිනේ ප්‍රථමයා වශයෙන් ප්‍රථම වතාවට හඳුන්වාඳුන් ලීසිං මුදල කොටස් වශයෙන් ගෙවා වාරිකය අඩුකරගැනීමේ හැකියාව, අවශ්‍යතාව මත සකස් කරගත හැකි පහසු මාසික වාරිකය, වසර 7 දක්වා ගෙවීමේ හැකියාව හා සෑම මසකම තෝරාගන්නා ගනුදෙනුකරුවන් 25කට වසරකට රුපියල් 100,000 බැගින් නොමිලේ ඉන්ධන දිනාගැනීමේ අවස්ථාව සැපයේ.