පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී.හි නවතම ප්‍රාදේශීය කාර්යාලය පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී විවෘත කෙරිණි. පොළොන්නරුව නගර සභාවේ නගරාධිපති, මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකාරිනිය, පොළොන්නරුව පීපල්ස් ලීසිං කළමනාකරු ඇතුළු පීපල්ස් ලීසිං ආයතනයේ නිලධාරීන්, පීපල්ස් ඉන්ෂුවරන්ස් කළමනාකාරීත්වය, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
නො. 388/බී, රෝහල හන්දිය, පොළොන්නරුව යන ස්ථානයෙහි ස්ථාපිත නව ප්‍රාදේශීය කාර්යලය හරහා ප්‍රදේශයේ ඕනෑම කෙනකුට තම රක්ෂණ සේවා අවශ්‍යතා ඉතාම වගකීමෙන්, විශ්වාසයෙන් යුතුව ලබාගැනීමට හැකියාව ඇත.
මෝටර් රථ, දේපොළ, සංචාරක සහ මුහුදු රක්ෂණ ඇතුළුව පුද්ගලයන්ට සහ සමාගම්වලට පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබා දෙයි. අද වන විට සමාගමට විශාල ගනුදෙනුකාර පදනමක් ඇති අතර එහි වාර්ෂික වාරික ආදායම රු. බිලියන 5.5 ඉක්මවයි.
පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී දිවයින පුරා සිය ප්‍රාදේශීය කාර්යාල ජාලයක් පවත්වා ගෙන යන අතර පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලය ඔස්සේ කවුළු කාර්යාල 100කට අධික සංඛ්‍යාවක් ද පවත්වා ගෙන යයි. මහජන බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවලද එහි කටයුතු පවත්වාගෙන යනු ලබයි.
පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මණ්ඩලය යටතේ ලැයිස්තුගත කර ඇත. ශක්තිමත් ජාත්‍යන්තර ප්‍රති රක්ෂණ වැඩපිළිවෙළක් මෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සහ මහජන බැංකුව යන රටේ විශාලතම මූල්‍ය ආයතන දෙකෙහි පුළුල් වෙළෙඳපොළ ව්‍යාප්තිය ඔස්සේ ලැබී ඇති විශිෂ්ට මූල්‍ය උරුමය මඟින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී ශක්තිමත් වී තිබේ. එය ෆිච් ශ්‍රේණිගත කිරීම් යටතේ A+ ශ්‍රේණිය ලබා ඇති ශක්තිමත් මූල්‍ය සමාගමකි.