• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දේශපාලනයට ආපු රූකා සහ චන්ද්‍රලේඛා කතා කරයි

September 12, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක දේශපාලන සටන් බිමට පයතැබූ ආරංචිය දැන් කාටවත් රහසක් නොවන තරම්. රූකාන්තගේ ගීත ජනප්‍රිය වුණු තරමටම ඒ ආරංචියටත් තටු ලැබුණේ අසුරු සැණින්. මේ ගැන අහන්න හොඳම කෙනා තමයි රූකාන්තගේ ආදරණීය බිරිය. ඒ නිසා අපිට හිතුණා චන්ද්‍රලේඛාගෙන් මේ ගැන පුංචි අදහස් විමසීමක් කරන්න. ඒ කියන්නේ රූකාන්ත දේශපාලනයට යොමුවීම ගැන චන්ද්‍රලේඛා දරන අදහස් මොනවාගෙද කියලා දැනගන්නට අපට ඕනෑ වුණා. “දේශපාලනය කරන්න යන්නෙ රූකාන්ත. එයාගෙන් තමයි තොරතුරු අහන්න ඕනෙ” හරිම සුහදව සිනාසෙමින්ම චන්ද්‍රලේඛා අපේ ඇමැතුමට ප්‍රතිචාර දැක්වූවා.
“රූකාන්තගේ බිරිය වශයෙන් ඔබ ඒ ගැන දක්වන ප්‍රතිචාර දැනගන්න අපි කැමතියි”
“ගොඩක් බිසී වෙලාවක කතා කළේ ඔයාලා. අද රෑට මමයි රූකාන්තයි ලන්ඩන් යනවා. තවම ඇඳුම් ලෑස්ති කරගෙනවත් නැහැ. ආවට පස්සේ හොඳ ඉන්ටර්විව් එකක් කරමු අපි.”
සුහදශීලීව ලිස්සා යන්න චන්ද්‍රලේඛා වෑයම් කළා.
“පොඩි වෙලාවක් ඇති. කෙටි උත්තරයි ඕනෑ”
අපේ අවශ්‍යතාවයට අනුව ඇයව අතහරින්න හිත හදාගන්න අපහසු වුණා.
“හොඳයි කතා කරමු. මොනවද දැනගන්න ඕනෑ”
අවසානයේ චන්ද්‍රලේඛා කතාබහට හරිබරි ගැහුණා.
පළමුවෙන් කියන්න හදිසියේ ලන්ඩන් යන්නේ ඇයි?
හදිසියක් නැහැ. සැලැසුම් කළ ගමනක් අපි යන්නෙ මියුසිකල් ෂෝ එකකට.
අපි කිව්වේ ඔබයි, රූකාන්තයි සමග රයිනි සහ වින්දිත් යනවද?
නැහැ. අපේ දරුවො යන්නෙ නැහැ. මමයි, රූකාන්තයි විතරයි ගමනට එක්වෙන්නේ.
අලුත් ගීත ඇල්බමයක් සඳහාත් ඔබ මේ දිනවල වෙහෙසෙනවා නේද?
ඇල්බමයක්ම නෙවෙයි. අලුතින් ගීත කිහිපයකට අතගහලයි ඉන්නෙ. හුඟ දවසකින් මට අලුත් යමක් කරන්න බැරි වුණා. අනික විදේශගතව අවුරුදු ගණනක් හිටිය කාලය තුළ මඟහැරුණු වැඩකටයුතු වගේම මේ නිර්මාණ කාර්යයන් සඳහාද මේ දිනවල කාලය ගතවුණා.
වසර ගණනක පදිංචිය සඳහා රට හැර ගියේ දේශපාලන හැලහැප්පීම් නිසා නේද?
ඔව්. ඒ කතාව මුළු රටම දන්නා කතාවක්. ඒ නිසා සැඟවිය යුතු යමක් එහි නැහැ. මමයි රූකාන්තයි අපේ දරවො දෙන්නයි ඒ සිදුවීම් නිසා දැඩි පීඩනයකට බඳුන්වුණා. රයිනියි, වින්දියි එතකොට පුංචි දරුවෝ. අනෙක ඒ අවධියේ මමයි රූකාන්තයි ජනප්‍රියත්වයේ හිණිපෙත්තට පය තබා සිටිය කාලයක්. ඇත්තෙන්ම අපි රට අතහැරලා ගියේ ලොකු වේදනාවකින්. ඒ මොහොතේ වෙනත් විකල්පයක් වුණත් අපට තිබුණේ නැහැ. සත්තකින්ම කියනව නම් මතක් කරන්නවත් අකැමැති කටුක සිදුවීමක් ඒක.
එච්චර කටුක අත්දැකීම් තිබියදීත් රූකාන්ත නැවත දේශපාලනයට යොමුවුණේ ඇයි?
ඒක රූකාන්තගේ කැමැත්ත. මම නෙමෙයි ඔහුට කීවේ දේශපාලනයට යොමුවෙන්න කියලා. ඔහුට ආරාධනා ලැබුණා. ඔහු තීරණයක් ගත්තා. කොහොමත් රූකාන්ත අභියෝගවලට කැමැති කෙනෙක්. අභියෝග භාරගන්න, එය හඹා යන්න ඔහු කැමැතියි.
ඒ කියන්නේ රූකාන්ත දේශපාලනයට මැදිවීම ගැන ඔබේ කැමැත්තක් නැහැ?
මුලින් මම කොහොමටත් එයට කැමැති වුණේ නැහැ.
එහි අදහස රූකාන්ත එජාපයෙන් ඡන්දය ඉල්ලනවට ඔබ කැමති නැහැ කියන එකද?
අපොයි නැහැ. මම අදහස් කළේ එවැන්නක් නෙවෙයි. මම අකැමැති වුණේ රූකාන්ත දේශපාලනයට මැදිවන කාරණයටයි. ඒ අකැමැත්තට පාට හෝ පක්ෂ අදාළ වුණේ නැහැ.
මුලින් අකැමැති වුණාය කියන්නේ දැන් ඒ ගැන ඔබේ අමනාපයක් නැතිද?
මෙහෙමයි. රූකාන්ත මම අකැමැති යමක් කරනවාය කියලා ඔහුව එතැනදී අතහැර දමන්නට මට බැහැ. මම ඔහුගේ බිරිය. ඒ නිසා මගේ සහයෝගය ඔහුට අවශ්‍යයි. මම ඔහු අසලින් සිටිය යුතුයි. බිරිය සහ සැමියා ලෙස අප නම්‍යශීලී විය යුතු තැන් තිබෙනවා. අන්න එතැනදි අප එක් අයකු වෙනුවෙන් මැදිහත්ව බලා සිටිය යුතුයි. මේ අවස්ථාවද එවැන්නක්. එනිසා මගේ අකැමැත්ත පැත්තක තබා මම ඔහු සමග සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් නව ප්‍රාදේශීය කාර්යාලය පොළොන්නරුවට

Next Post

රනිල්ගේ විශේෂ නියෝජිතයෙක් මහ රෑ කරුගේ ‌ගෙදරට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.