දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි.
කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී, කොවිඞ්-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන සැපයීමට පැල්වත්ත සතු කැපවීම මෙන්ම, ප්‍රායෝගික හැකියාවද පෙන්නුම් කෙරිණි.
2020 මාර්තු 20 සිට ශ්‍රී ලංකා රජය මගින් බල පවත්වන ලද, අඛණ්ඩ ඇඳිරි නීතිය හා වෙනත් හදිසි පියවරයන්ට අනුකූලව, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා ඇතැම් ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් අඛණ්ඩ සීමා පනවන බව ප්‍රකාශයට පත් කෙරිණි.
එම නිසා, ඉතා කෙටි කාලයක් තුළ අභියෝගය ජය ගැනීම පිණිස, සෑම කෘෂිකාර්මික හා ආහාර ක්ෂේත්‍රයකම ස්වයං පෝෂිතතාවය සහතික කෙරෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට දේශීය ආහාර නිෂ්පාදකයින්ගේ හා කිරි නිෂ්පාදකයින්ගේ අදහස්, යෝජනා හා ගැටලු ආදිය ඇතුළත් සවිස්තර අධ්‍යයනයක් සිදු කෙරීම කාලීන අවශ්‍යතාවයක් විණි.
ඒ අනුව, රජයේ ඉල්ලීමට කන් දෙමින් දේශීය කිරි ගොවියන් නගාසිටුවීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලාංකීය කිරි කර්මාන්තයේ ස්වයං පෝෂිතතාවය සඳහා මග පාදන සැලකිය යුතු තොරතුරු ගණනාවක්, පැල්වත්ත මගින් ඉදිරිපත් කෙරිණි.











