• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සෝමසිරි මැදගෙදර හාට් එකට කිව්ව කතාව

May 16, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සෝමසිරි මැදගෙදර හාට් එකට කිව්ව කතාව
Share on WhatsAppShare on Facebook

ඔබට දැන් කොහොමද?
තවම සුවයක් නැහැ.
පසුගිය සතියේ ටිකට් කැපුවා. තවම කතාබහ කරන්න අපහසුතාව ටිකක් තියෙනවා. ඒත් මාධ්‍යවලින් කතා කරනකොට කතා නොකර ඉන්න බැරි නිසා කතා කරනවා. මොකද ඔවුන් කරන සේවාව සුළුපටු සේවාවක් නොවන නිසා.
හොඳට ප්‍රසංග වේදිකාවේ සින්දු කියපු ඔබට එකපාරටම මොකද වුණේ?
මම හොඳට ප්‍රසංගවල ගීත ගායනා කළා. ඒත් රෝගය ගැන මම වැඩිය ගණන් ගත්තේ නැහැ. පසුගිය අවුරුද්දේ මැද භාගයේ විතර මට අපහසුතාව තිබුණා. මම කියන්න බැරිකමට එය සඟවාගෙන හිටියා. ඊට පසු රෝගය උත්සන්න වුණා. මම හිතාගෙන හිටියේ අපස්මාරය රෝගය කියලා. පස්සේ මම නවලෝක රෝහලට ගිහින් පරීක්‍ෂා කළා. එවිට තමයි දැනගත්තේ පිළිකාවක් කියලා.
ඔබේ අසනීප තත්ත්වය අක්මාවට බලපෑවේ කොහොමද?
ශල්‍යකර්මයේදී අක්මාවට පොඩි ඩැමේඞ් එකක් වෙලා තිබුණා. කොළඹ ජාතික රෝහලේ වෛi අධ්‍යක්‍ෂතුමන් ඇතුළු සියලුම වෛiවරුන් මගේ සුවදුක් ගැන නිරන්තරයෙන් සොයා බලා කටයුතු කළා. ඒ වගේම මගේ සුව දුක් විමසා බලා කටයුතු කළ අපේක්‍ෂා රෝහලේ සියලුම වෛiවරුන්ට සහ හෙද නිලධාරි මණ්ඩලයට වගේම, කීර්ති පැස්කුවල් මහතාට වගේම සියලුම මාධ්‍ය ආයතනවලටත් ස්තුතිය පුදකරනවා මේ වෙලාවේ.
වෛiවරුන් පවසන්නේ මොනවාද?
ඔවුන් පවසන්නේ මට විවේකීව ඉන්න කියලා තමයි. ප්‍රසංගවලට දැන්ම යන්න එපා කියනවා. නියමිත වේලාවට බෙහෙත් ටික බොන්න කියලා තමයි ඔවුන් උපදෙස් දුන්නේ.
අසනීප තත්ත්වය නිසා ඇමෙරිකා සංචාරයක් මඟහැරුණා නේද?
ඒ හැමදේටම වඩා නිරෝගීකම වටිනවා. ඒ නිසාම තමයි ඇමෙරිකා ප්‍රසංගය සඳහා සහභාගි නොවුණේ. මම ගියා නම් මෙයට වඩා අමාරු වෙන්න තිබුණා.
තව කොපමණ කාලයක් ඔබට විවේකීව ඉන්න වෙයිද?
බොහෝ දුරට මාස තුනක්වත් මට ගෙදරට වෙලා ඉන්න වෙයි. දැන් ඉතින් කොරෝනා වෛරසය නිසා විදේශීය ප්‍රසංගවලටත් ආරාධනා අඩුවෙයි.
සංයුක්ත තැටියක් නිර්මාණය කිරීමට යන බවට ආරංචියක් ආවා?
ඔව්. විවේකීව කාලය ගතකරන නිසා මේ මාස කිහිපයේ මගේ ගීත තුන්සිය පනහක් විතර එකට එකතු කරලා සංයුක්ත තැටියක් ගහලා ගුවන් විදුලියට දෙන්න සැලසුම් කරනවා.
නොමිලේද ඒ ගීත ගුවන්විදුලියට ලබාදෙන්නේ?
ඔව්. කලාව මට මිල කරන්න බැහැ. මගේ වටිනා ගීත පෙළම මගේ ආදරණීය රසික රසිකාවියන්ට ශ්‍රවණය කිරීමට මම එය නොමිලේ ගුවන්විදුලියට පරිත්‍යාග කරනවා.
අනාගත සැලසුම කොයි වගේද?
දෙයියනේ කියලා යථා තත්ත්වයට පත්වුණාම සුපුරුදු පරිදි මම සින්දු කියනවා. මේ වසරේ අවසානයේ ලොකු ප්‍රසංගයක් කරලා ඒ සියලුම මුදල් මහරගම අපේක්‍ෂා පිළිකා රෝහලට මම ලබා දෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බලාපොරොත්තු ගැන හරියටම කියන නවග්‍රහ නිමිත්ත

Next Post

පැල්වත්ත දේශීය කිරි ස්වයං පෝෂිතභාවය පිණිස කැපවෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.