ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා විශ්වාසදායී දේපළ සංවර්ධන සමාගම වන ප්‍රයිම් සමූහය විසින් රාජගිරියේ ඉදිකළ ප්‍රයිම් Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට සෙත් පතා විශේෂ ආශීර්වාද පිරිත් සජ්ඣායනාවක් පෙබරවාරි 15 වැනි දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රහ්මණගේ ප්‍රේමලාල් මහතා ඇතුළුව සමූහයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, සමූහයේ නිලධාරීන් මෙන්ම ප්‍රයිම් Splendour නිවාස හිමිකරුවන් ද සහභාගි වූහ.
අති පූජ්‍ය දොඩන්ගොල්ලේ පඤ්ඤානන්ද හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනාව පැවැත්වූ අතර ඉන් අනතුරුව නිවාස සහ නිවෙස් හිමියන්ට ආශීර්වාද කරමින් සෙත් පැතීමද සිදු කරන ලදී.
“මිහිකතෙන් හොඳම තැනක්” යන දැක්ම සමඟ ක්‍රියාත්මක ප්‍රයිම් රෙසිඩන්සීස් සැමවිටම කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ඉහළම තත්ත්වයේ නිවාස පාරිභෝගිකයන්ට ලබා දෙයි.











