• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ ඔබට මොකද වෙන්නේ

February 29, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
මේ සතියේ ඔබට මොකද වෙන්නේ
Share on WhatsAppShare on Facebook

2020 මාර්තු 01 ඉරිදා සිට 07 සෙනසුරාදා දක්වා

මේෂ – ඇවිදීමට ප්‍රිය කරයි
මේ සතිය තුළදී ඔබ වැඩි උනන්දුවක් දක්වන්නේ ගමන් – බිමන් යෑම සඳහාය. ලග්නාධිපති කුජ පුණ්‍ය ස්ථානය වන 9 වැන්නේද, සඳු 1, 2, 3, 4 භාව හරහාද ගමන් ගනී. විනෝද වීමටත්, පින්දහම් කර ගැනීමටත් අවස්ථාව උදාවෙයි. කලකට පෙර ආරම්භ කරන ලද වැඩක් නිමකර ගැනීමටද ඔබට හැකිවෙයි. විරුද්ධ අදහස් ඇති අය සමඟ වාද – භේදවලට නොයා යුතු කාලයකි. සුළු සුළු අසනීප ඇති මේෂ ලග්න හිමියන් නිතරම වෛi උපදෙස් මත ක්‍රියා කළ යුතු සතියකි.
ජය අංකය : 1, ජය වර්ණය : දම් පැහැය

වෘෂභ – ඥාතීන්ගෙන් ඈත්වීමක්
ඥාතීන් කිහිප දෙනකුම සමඟ තිබුණු සමීප සම්බන්ධතා දුරස්වන ආකාරයේ සිදුවීමකට මුහුණ දීමට සිදුවෙයි. ලග්නාධිපති සිකුරු වැය ස්ථානය වන 12 වැන්නේද, සඳු 12, 1, 2, 3 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. නිතර සිත් තැවුලෙන් කාලය ගෙවීමට සිදුවන අතර, ආදායම් තත්ත්වය වෙනදාට වඩා පහළ යන බවක් පෙනේ. භාරගත් වැඩක් කලට, වේලාවට නිමකර ගැනීමට නොහැකි වීමෙන් ඔබ ගැන තිබුණු විශ්වාසය පලදුවෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : කොළ පැහැය

මිථුන – තනි තීරණ
තම මතයට පමණක් ගරු කරමින් තනි තීරණ ගෙන වැඩ කටයුතු කරන අතර, බොහෝ දුරට එම කටයුතු සාර්ථක වෙයි. ලග්නාධිපති බුධ පුණ්‍ය ස්ථානය වන 9 වැන්නේද, සඳු 11, 12, 1, 2 භාව හරහාද ගමන්ගනී. වෙනදාට වඩා හිතමිතුරන් සමඟ සමීපව කටයුතු කිරීමට සිදුවන අතර, අනාගත දියුණුව සඳහා අඩිතාලමක් දමා ගැනීමට උත්සාහ දරයි. සමාජයේ උසස් තත්ත්වයක් ලැබෙනවා ඇත. විවාහ වීමට සුදුසු වයසේ සිටින මිථුන ලග්න හිමියන්ට මංගල යෝග උදාවෙයි.
ජය අංකය : 9, ජය වර්ණය : කහ පැහැය

කටක – මූලිකත්වය ගනී
පොදු වැඩකටයුත්තක මූලිකත්වය ඔබ වෙත පැවරේ. ලග්නාධිපති සඳු 10, 11, 12, 1 යන ස්ථාන හරහා ගමන් ගන්නා සතිය ඔබට තරමක කාර්ය බහුල බවක් ඇති කරයි. අතමිට මුදල් යහමින් ගැවසෙන අතර, වියදම්ද අධික වෙයි. මේ සතිය තුළදී මවුපිය ආදී වැඩිහිටියන්ගෙන් යම් ලාභයක් ලැබීමටද ඉඩ තිබේ. සතිය මැද යෙදෙන විශේෂ උත්සව අවස්ථාවකදී ඔබට ප්‍රමුඛ තැනක් හිමිවෙයි. සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන අතර, අසනීප මැදම වැඩ කටයුතු කරගෙන යෑමට සිදුවෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : සුදු පැහැය

සිංහ – ගුප්ත විiා කටයුතු
ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ගුප්ත විiා කටයුතුවලින් පිහිට පැතීමට යොමුවෙයි. ලග්නාධිපති රවි 7 වැන්නේද, සඳු 9, 10, 11, 12 භාව හරහාද ගමන්ගනී. මේ කාලය තුළදී තමන්ගේ බලාපොරොත්තු කිහිපයක්ම ඉටුවන ලකුණු පෙනේ. සැම අතින්ම යහපත් කාලයකි. පිය පාර්ශ්වයේ ඥාතියකු නිසා විශේෂ ලාභයක් අත්වෙයි. භාවනා කටයුතුවල යෙදී සිත දියුණුකර ගැනීමටද උත්සාහයක් දරයි. සති අන්තයේදී ආගමික කටයුත්තකට සහභාගි වෙයි.
ජය අංකය : 7, ජය වර්ණය : රතු පැහැය

කන්‍යා – උරුමයක් ලැබේ
මියගිය වැඩිහිටි ඥාතියකුගෙන් ඔබට ලැබෙන්නට නියමිතව තිබුණු උරුමයක් නිරවුල් වන බවක් පෙනෙන අතර, ලග්නාධිපති බුධ 6 වැන්නේද, සඳු 8, 9, 10, 11 භාව හරහාද ගමන් ගනී. හදිසි හෘදයාබාධයක් ඇති වීමේ අවදානමක් පවතින බැවින් ශරීර සෞඛ්‍ය ගැන ඉතාමත් කල්පනාකාරී විය යුතු සතියකි. මුදල් තත්ත්වය යහපත් වන අතර, අනාගතය වෙනුවෙන් මුදලක් ඉතිරිකර ගැනීමටද හැකිවෙයි. ප්‍රීති සාදයක, ගමන්-බිමන්, රසවත් ආහාරපාන ආදිය ලැබෙන සතියකි.
ජය අංකය : 6, ජය වර්ණය : කහ පැහැය

තුලා – තරගකාරී බවක්
රැකියා කටයුතුවල, ව්‍යාපාරික කටයුතුවල වෙනදාට වඩා තරගකාරී බවක් ඇති වන සතියකි. සඳු 7, 8, 9, 10 භාව හරහාද, ලග්නාධිපති සිකුරු, 7 වැන්නේද ගමන්ගනී. විවාහකයාගේ අසනීපයක් වෙනුවෙන් කාලය ගතකිරීමට සිදුවෙයි. ආදර බන්ධන පිළිබඳව බලාපොරොත්තු කඩවන සතියකි. තමන්ට නොගැළපෙන අය සමඟ ඇසුරට යෑමෙන් අනවශ්‍ය කරදර ඇති විය හැකිය. ශරීරයේ ඇති වන උෂ්ණාධික බව නිසා වෛi ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
ජය අංකය : 7, ජය වර්ණය : නිලි පැහැය

වෘශ්චික – කරදර බාධක
එදිනෙදා කටයුතුවලට බලාපොරොත්තු නොවූ කරදර, බාධක එල්ල වන අතර, ලග්නාධිපති කුජ 2 වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. මේ සතිය තුළදී ඔබ වැය කරන මුදල්වලින් වැඩිහරියක් නිෂ්ඵල ලෙස අපතේ යෑමට ඉඩ ඇති බැවින් වියදම් කිරීමේදී කල්පනාකාරී විය යුතුය. උගුර, කන, නාසය ආශ්‍රිතව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. තමන් අකැමැති අය සමඟ ඇසුරු කිරීමටත් ඔබත් සමඟ කරන ගනුදෙනුවකින් පාඩු විඳීමටත් සිදුවෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : දුඹුරු පැහැය

ධනු – රහස් කටයුතු
මුදලක් ඉපැයීම සඳහා නීත්‍යනුකූල නොවන දෙයකට යොමු වන බවක් පෙනේ. සඳු 5, 6, 7, 8 භාව හරහාද, ලග්නාධිපති ගුරු ලග්න භාවයේමද ගමන් ගනී. දරුවන් ඇති ධනු ලග්න හිමියන්ට ඔවුන්ගේ මුරණ්ඩුකම් ගැන දුකට පත්වීමට කරුණු යෙදේ. ගුවන් ගමනක් යෑමට අවස්ථාවක් ලැබිය හැකිය. රහසිගතව මුදලක් ආයෝජනය කිරීමෙන් ආදායමක් උපයා ගැනීමට උත්සාහ දරයි. උදරාබාධයක් නිසා එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් ඇතිවෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : කොළ පැහැය

මකර – නීතිමය ගැටලුවක්
දේපොළ පිළිබඳ ප්‍රශ්නයක් විසඳා ගැනීමට නීතියේ පිහිට පැතීමට සිදුවෙයි. ලග්නාධිපති ශනි ලග්න භාවයේමද, සඳු 4, 5, 6, 7 යන භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. ආදායම් තත්ත්වය වෙනදාට වඩා යහපත් වන අතර, දුරදිග බලා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. පැරැණි ණය මුදලක් ලැබීමටද ඉඩ ඇත. පුණ්‍ය කටයුතු සඳහා වැඩි උනන්දුවකින් ක්‍රියා කරන කාලයකි. ගෙදර-දොර අලංකාර කරගැනීමටද කාලය යොදවයි.
ජය අංකය : 1, ජය වර්ණය : නිල් පැහැය

කුම්භ – සැපපහසුව අඩුවෙයි
සඳු 3, 4, 5, 6 භාව හරහාද, ලග්නාධිපති ශනි වැය ස්ථානය වන 12 වැන්නේද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට මෙතෙක් පැවැති සැප පහසුකම්වල අඩු වීමක් පෙනෙන්නට තිබේ. රාජකාරී ස්ථානයේ වෙනසක් සිදුවෙයි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට එදිනෙදා කටයුතුවලට බාධක එල්ල වී ආදායම අඩු වන බවක් පෙනේ. සෙම් රෝග, උණ රෝග ආදිය ඇති වන කාලයකි. දරුවන්ගේ කටයුතු ගැන වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරයි.
ජය අංකය : 3, ජය වර්ණය : දම් පැහැය

මීන – උසස්වීමක්
ලග්නාධිපති ගුරු 10 වැන්නේද, සඳු 2, 3, 4, 5 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන සතිය තුළදී ඔබගේ තත්ත්වයේ උසස් වීමක් බලාපොරොත්තු විය හැකිය. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින මීන ලග්න හිමියන්ට විශේෂ ලාභ අත්වන කාලයකි. ගෙදරට අවශ්‍ය අලංකාර භාණ්ඩ, ඇඳුම්-පැලඳුම් මිලදී ගැනීමට වැඩි මුදලක් වියදම් කරයි. සති අන්තයේදී දුරබැහැර විනෝද ගමනකට සහභාගි වීමට අවස්ථාව උදාවෙයි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතී.
ජය අංකය : 1, ජය වර්ණය : කහ පැහැය
ජ්‍යොතිෂ විiා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී,
දේශබන්ධු, අගලවත්තේ චන්දන වීරක්කොඩි
0775 489695

SendShareShare
Previous Post

ලංකාවේ කිසිම මාධ්‍යයක් ‌හෙළි ‌නොකරපු පාස්කු ‌බෝම්බයේ ‌ලොකුම ‌හෙළිදරව්ව ‌මෙන්න

Next Post

ප්‍රයිම් සමූහය නිවාස හිමිකරුවන්ට සෙත් පතයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.