• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සේන සමරසිංහ සිනමාවට තිළිණ කළ අලුත් කෙල්ල

February 29, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සේන සමරසිංහ සිනමාවට තිළිණ කළ අලුත් කෙල්ල
Share on WhatsAppShare on Facebook

මානෙල් මලක් වන් සුරූපී මුව මඬලක් හිමි මානෙල් වානගුරු සිනමාවට පැමිණියේ සිය පියා වූ ඩඞ්ලි වානගුරුගේ අඩි පාරේ පියමං කරමිනි.
සිනමාව මෙන්ම වේදිකාව තුළද නොමැකෙන මතක සටහන් තැබූ මානෙල් ආලින්දයේ සිනමාව තුළින්ද ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියාය.

ඈ ආනන්ද වික්‍රමගේ නම් දක්‍ෂ රංගවේදියාගේ සුන්දර බිරිඳය. ජනිත් සහ සංකේත් යන තරුණ ටෙලි නළු දෙපළගේ ආදරණීය අම්මාය.
ඒ නිසා කතා කරන්නට බොහෝ දේ ඇත.
එහෙත්,

මේ මොහොත තුළ අපට ඕනෑ වූයේ මානෙල් වානගුරුගේ නම් කලාකාරියගේ හදවත කොනක තැන්පත්ව ඇති ඈ පිළිබඳවම වූ අතීතයේ රසමුසු තැන් ගැන මතකය ඇවිස්සීමටය.
ආරාධනා කළා සේම මානෙල් ඒ සඳහා සූදානම්ව අප සමඟ දොඩමලු වූයේ මෙසේය.
තරංගා තුළින් අප කතාබහට මුලපුරමු, ඒ ඔබේ පළමු චිත්‍රපටය නේද?
අපොයි නැහැ, මගේ පළමු චිත්‍රපටය ‘වහලිය’යි. මම එහි රඟපෑවේ පාසල් දැරියකව සිටි අවධියේ එහිදී මට ලැබුණේ වයස අවුරුදු 8ක පමණ දැරියකගේ චරිතයක්.
ඒ සඳහා පසුබිම සැකැසුණේ පාසල තුළින්ද?
පාසලේදීත් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. නමුත් වනලිය චිත්‍රපටයෙහි රඟපාන්නට අවස්ථාව උදාකර දුන්නේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයයි.
මගේ තාත්තා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයගේ චිත්‍රපට රැසක රඟපාලා තිබුණා. රූගතකිරීම්වලට යනකොට තාත්තා මාව එක්කගෙන යනවා. ඒ යනකොට අම්ම මාව හරි ලස්සනට අන්දවලා හැඩ කරවනවා. ආඩම්බරේකට කියනවා එහෙම නෙවෙයි. මම බෝනික්කියක් වාගේ කියලා හැමෝම මගේ පිරුණු කම්මුල් මිරිකනවා.
ඉතින් තාත්තා එක්ක යන එන අතරේ ජයමාන්න මහත්තයා දවසක් ඇහුවා. ඩඞ්ලි මේ ලස්සන දරුව වගේ අලුත්ම චිත්‍රපටයට දෙන්න පුළුවන්ද කියලා. තාත්තත් එකපාරම ‘හා’ කියලා කිව්වා. ඉන්පස්සෙ ජයමාන්න මහත්තයා මට සින්දුවක් කියලා පෙන්නන්නය කිව්වා. ඒ වෙලාවේ මගේ මතකයට ආවේ ‘පෙම් කැකුළ පිපී’ සින්දුව. මම ඒක ගායනා කළා. ඇත්තටම හරිම අපූරුවට ගායනා කළා. ජයමාන්න මහත්තයාට ‘හරිම සැටිස්’ මගේ ඔළුව අතගාලා කිව්වා.
ඊළඟට මම කරන චිත්‍රපටයේ ප්‍රධාන පුංචි නිළි කැකුළ ඔයා තමයි මානෙල් කියලා කිව්වා. අන්න ඒ විදියටයි මම ‘වනලිය’ චිත්‍රපටයට ආවේ.
වනලිය අතිශයින් ජනප්‍රිය වුණු චිත්‍රපටයක්ම නේද?
කුතුහලය පිරුණු ලස්සන කතාවක්. මම හරිම ආසාවෙන් රඟපෑවා. පුදුම විදියට එය ජනප්‍රිය වුණා.
චිත්‍රපටය නරඹන මොහොතේ මට හිතාගන්නට බැරි වුණා. ඒ රඟපාන්නේ මමද කියලා, ඇත්තෙන්ම ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි.
ඔබ වේදිකාවට ආවෙත් කුඩා කෙල්ලක කාලේමයි නේද?
ඔව්… ‘සසර දුක්’ නාට්‍යයෙන් මම ඒ දවස්වලම වේදිකාවටත් ආවා. පෝලියෝ රෝගයෙන් පෙළුණු දැරියක ලෙස මා කළ චරිතයට මම එදා වගේම අදත් ආසයි.
‘සසර දුක’ පෝලියෝ දැරිය ගැන ඒ කාලේ බොහෝ දෙනා කතා කළාලු නේද මානෙල්?
මොනවා කියනවද? බලන අයගේ ඇස්වලට කඳුළු උනන්නයි මම ඒ චරිතය කළේ.
කොයිතරම් සාර්ථකව එය කළාදැයි කියනව නම්, අපේ අම්මා කියනවා ඒ දවස්වල මට හරියට ‘ඇස්වහ’ වැදුණාලු. මගේ කකුල් පුරාම ඇස්වහ බිබිළි දැම්මා.
ඉන්දියාවේ යන්නට වරම් ලැබුණේ ඒ අතර ගෙවී යන කාලයේදීද?
එතකොට මම නව යොවුන් පාසල් දැරියක්. මගේ දක්‍ෂතාවය නිසාම රඟපෑම වැඩිදියුණු කරගැනීමට ඉන්දියාවට යන්න අවස්ථාව ලැබුණා.
නමුත් ඒ වාසනාව දෝතට ගන්න ලැබුණෙ නැහැ. මොකද, මම ඉගෙන ගත්තේ කොන්වන්ට් එකක නිසා මට විදේශ ගතවීමට අවශ්‍ය අවසරය ලැබුණේ නැහැ.
එම සිදුවීමෙන් පසු රඟපෑමට තිත තැබුව නේද?
ඔව්… මම හොඳින් ඉගෙන ගත්තා. ඉන්පස්සේ මහරාජා ආයතනයේ හොඳ නිලයක් සහිත රැකියාවක් ලැබුණා.
සේන සමරසිංහගේ ඇසට ඔබව හසුවුණේ එතැනදීද?
හරියට හරි. සේන සමරසිංහ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයට ගාමිණී – මාලනී සමඟ රඟපාන්න අලුත් කෙල්ලකගේ මුහුණත් හොයන අතර මාව දැකලා තිබුණා.
එවෙලේම ළඟට ඇවිත් ඇහුවා, ‘සදහටම ඔබ මගේ’ ෆිල්ම් එකේ ජෝ අබේවික්‍රමගේ පෙම්වතියට රඟපාන්න කැමැතිද? කියලා. මම ගත් කටටම කිව්වා අම්මගෙන් අහන්න ඕනෑ කියලා. අම්මගේ අවසරය ලැබුණ ගමන් මම චිත්‍රපටයට ගිවිසුම් අස්සන් කළා.
ඒ රඟපෑමෙන් පසුව චිත්‍රපට ගලාගෙන එන්න ගත්තා. කොයි එකද තෝර ගන්නේ, කොයි එකද රිජෙක්ට් කරන්නේ කියන තරමට චිත්‍රපට පිරිලා. ‘තරංගා’ චිත්‍රපටයට ආරාධනා ලැබුණෙත් ඒ කාලෙමයි. රවීන්ද්‍ර රන්දෙණිය සමඟ රඟපෑ ‘තරංගා’ චිත්‍රපටයද හරිම ජනප්‍රිය වුණා. රඟපාන්න විශාල ඇල්මක් දැනෙන කොට, මට තීරණය කරන්න වුණා රස්සාවද? රංගනයද? තෝරා ගන්නේ කියලා. අන්තිමේදී ලොකු වැටුපක් හම්බවුණු රැකියාව අතෑරලා රඟපෑම තෝරාගත්තා.
‘නිල්ල සොයා’ චිත්‍රපටය ගැන කතා නොකර බැහැ නේද?
කොහොමටවත් අමතක කරන්නට බැරි හරිම සුන්දර චිත්‍රපටයක්. නිල්ල සොයා කියන්නෙ මගේ සිනමා ජීවිතයේ සුවිශේෂීම එක් අවස්ථාවක්.
එකක් මම එහි රඟපෑවේ, සිනමා සක්විති ගාමිණී සමඟ අනෙක් කාරණය එහි මම කළ ත්‍රිත්ව චරිත රංගනය,
එය ආත්ම ගණනක කතාවක්, ගාමිණී දුන් සහයෝගය ගැන කියන්න වචන නැහැ. ඔහු මට එම චරිත තුන කරන්න අවශ්‍ය පසුබිම ගැන හොඳින් කියා දුන්නා.
නිල්ල සොයා බොක්ස් වාර්තා තබන විට මගේ ජනප්‍රියත්වයට එය තවත් රුකුලක් වුණා. අදටත් ප්‍රේක්‍ෂකයන් නිල්ල සොයා ගැන කතා කරනවා. එහි ගීත වුණත් තවමත් හරිම ජනප්‍රියයි.
ඇත්තෙන්ම සිංහල සිනමාවට මල් වරුසාවක් කැන්ද වූ ඒ අලංකාර යුගය හරිම අඳුරුයි.
‘වැනීසියේ වෙළෙන්දා’ තුළින් ඔබ වේදිකාවක් හෙල්ලුවා. එහෙම නේද මානෙල්?
මොනවද අනේ මේ කියන්නේ. ඒ ගැන කියන්න තියෙන කතා කොයිතරම්ද? ‘වැනීසියේ වෙළෙන්දා’ ගැන කතා කරන්න දවසකුත් මදියි ඇත්තටම වේදිකාවට වසන්තය ගෙන ආ ඒ අපූරු නිර්මාණයෙහි ‘පෝෂියා’ වීම මට ආඩම්බරයක්.
වැනීසියේ වෙළෙන්දා කොට 1,500ක් පමණ අප රඟදැක්වූවා. ප්‍රේක්‍ෂකයන් දොරවල්, ජනෙල් කඩාගෙන ඇතුළට එන්න දඟලන තරමට ‘වැනීසියේ වෙළෙන්දා’ නාට්‍යයට වැල නොකැඩී සෙනඟ ආවා.
මේ සියල්ල ලැබුණේ ඔබ ලස්සන කෙල්ලක වූ නිසාද?
අනේ මන්දා, ඒකට දෙන්න ඕනෑ උත්තරය මොකක්ද කියන්න මට තේරෙන්නේ නැහැ. මම බෝනික්කියක් වාගේ කියලා හැමෝම මට ඒ කාලේ කියනවා.
ඒ කාලේ නෙවෙයි, අදටත් මඟතොටදී හමුවුණු මගේ පෑන්ස්ලා මට කියනවා. ඔයාගේ පෙනුම ඒ දවස්වල හින්දි නිළියක් වාගේ නේදැයි කියලා.
හැබැයි මෙහෙමයි,
හැමදේම රූ සපුව නිසා ලැබුණා කියලම කියන්න බැහැ. මෙවැනි වාසනාවන්ත දේ සඳහා දේවාශීර්වාදයද අවශ්‍යයි.
මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේද මේ සියල්ල තුළ මා සමඟ සිටිනවා කියා. වාසනාව, දක්‍ෂතාවය වගේම අපට ලැබෙන වටිනාකමට දෙවියන්ගේ ආශීර්වාදයද අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒ නිසා එම ඇදහීමද මා තුළ තිබෙනවා.
ටෙලි නිර්මාණ සඳහාද ඔබ පසුකලෙක දායක වුණා?
ඔව්… ටෙලි චරිත සඳහා නොකඩවාම මට ආරාධනා ලැබුණා. රංගනයෙන් සහාය වුණා. නමුත් මෑතක සිට මට ඒ තරම් ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැතැයි කීවොත් හරි මං හිතන්නේ.
එයට හේතුව සුදුසු චරිත නොලැබීමද?
එහෙමමත් නෙවෙයි. යම් කලකිරීම් වැනි දෑ එයට හේතු වුණා මම හිතන්නේ.
ඔබ එළිදරව් නොකරන කාරණය පුද්ගලික දෙයක්ද මානෙල්?
මෙහෙමයි. කිසිවකුට දොස් පැවරීම මම අනුමත කරන්නේ නැහැ. නමුත් රංගනය වෙනුවෙන් අප කරන කැපකිරීම සහ වෙහෙස මහන්සිය කිසිවකු නොතකන්නේ නම් එයට සුදුසු අගය වටිනාකම නොදෙන්නේ නම් එය හරිම අසාධාරණයි.

අන්න එතැනදී කලාකරුවා දැඩි වේදනාවකට පත්වෙනවා. මම කෙළින්ම ඔබට කියන්නේ නැති කාරණාවට පසුබිම් වන්නේද එවැනි කනගාටුදායක සිදුවීමක් තමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ප්‍රයිම් සමූහය නිවාස හිමිකරුවන්ට සෙත් පතයි

Next Post

ක්‍රි.ව. පස්වැනි සියවසෙත් කොරෝනා තිබිලා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.