නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට නිරෝගී, ඵලදායී සහ සමබර දිවියක වැදගත්කම සිහිපත් කරවීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට එම බැංකුව මේ වනවිට කටයුතු යොදා ඇත. ඒ අනුව ආයුර්වේද මධ්‍යස්ථාන, ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළුව, නිරෝගී බවට හා යහපැවැත්මට උපකාරී වන සේවාවන් සලසන ස්ථානවලදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී ඉතුරුම් හිමිවනු ඇත.
යහපත් හා සමබර ජීවිතයක් සඳහා මූල්‍ය ස්ථාවරත්වයද අත්‍යවශ්‍යය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් යනු ගනුදෙනුකරුවන්ට තම සිහින සැබෑ කරගනිමින් වඩාත් තෘප්තිමත් ජීවිත ගතකිරීම සඳහා අවස්ථාව සලසා දෙන සේවාවකි. ව්‍යාපාර කටයුතු මෙන්ම සංචාර ඇතුළුව තමන්ට කැමැති විනෝදාංශවල රිසි පරිදි යෙදෙමින්, ක්‍රියාශීලී හා තෘප්තිමත් ජීවිත ගතකිරීමට එය තම ගනුදෙනුකරුවන්ට මංපෙත් විවර කර දෙයි.











