ශ්රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වූ විෂන් කෙයා ආයතනය, මෙවර “පෙනීමට බලාපොරොත්තුවක්” (“Hope in Sight”) තේමාව යටතේ දියත්වන ලෝක දෘෂ්ටි දිනයේදී වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකු කලට වේලාවට අක්ෂි පරීක්ෂාවන් සිදුකර ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙන්වාදෙයි.
ගෝලීය වශයෙන් බිලියනයක පමණ ජනතාවක් සුවකළ හැකි දෘෂ්ටි දෝෂයක් සමඟ දිවිගෙවන අතර ඔවුන් තවමත් එම දෘෂ්ටි දෝෂ හඳුනා නොගෙනම දිවිගෙවනා හෝ දෘෂ්ටි දෝෂයට ප්රතිකාර කිරීමකින් තොරව දිවිගෙවයි. පෙනීම දුර්වලවී යාම හෝ ඇස් නොපෙනීමෙන් කෙනෙකුගේ ජීවිතයට බොහෝ සෘණාත්මක බලපෑම් ඇතිවිය හැක.
ශ්රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වූ විෂන් කෙයා ආයතනය, තම පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඇස් පෙනීම නිසි පරිදි පරීක්ෂා කරගැනීම වෙනුවෙන් පරිපූර්ණ දෘෂ්ටි පරීක්ෂණ සේවා පහසුකම් ලබාදෙයි. පාරිභෝගිකයන් සමඟ සෞඛ්යාරක්ෂිත ක්රවේදයන්ට අනුව ගනුදෙනු පවත්වාගැනීම සඳහා විශේෂ පුහුණුවක් විෂන් කෙයා ආයතනයේ සියලු සේවකයන් වෙත ලබාදී තිබේ. එහිදී හැකි සෑම අවස්ථාවකදීම පිළිපැදිය යුතු සියලු සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් සහ නිවැරදි දුරස්ථභාවය පවත්වාගැනීම පිළිබඳව සේවකයන්ව දැනුවත්කිරීම සිදුවේ. පාරිභෝගිකයෙක් සමඟ සිදුකරන සෑම ගනුදෙනුවකටම පෙර සහ පසු ඒ සඳහා භාවිතා කළ සියලු උපකරණ ජීවාණුහරණය කිරීම සිදුවේ.











