• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අතේ පයේ හයිය පෙන්වන චණ්ඩි දිලුෂී

October 17, 2020
in Heart
Reading Time: 1 min read
A A
අතේ පයේ හයිය පෙන්වන චණ්ඩි දිලුෂී
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ‘ධරණි’ ටෙලිනාට්‍ය හරහා සුවිශේෂී චරිතයක් අපට හමුවෙනවා. ඒ විනුලි. ඇත්තට කවුද මේ විනුලි කියලා ඔබ හිතනවා ඇති. මොකද ඇයගේ සටන් දකින විට ඔබට මැජික් එකක් කියලා අපි දන්නවා. ඇය තමයි දිලුෂි හංසිකා. ‘2020 දෙරණ’ අවුරුදු කුමාරියන් අතර තුන් වැනි ස්ථානය හිමිකර ගැනීමට ඇයට හැකි වුණා. ඉතින් දැන් රටක් දැනහඳුනන විනුලි පුවත්පතකට කතා කරන පළමු අවස්ථාව තමයි මේ.
දිලුෂි දැන් චණ්ඩියෙක් වෙලා නේද?
දිලුෂිව ගොඩදෙනෙක් දැන හඳුනගත්තේ ‘ධරණි’ ටෙලිනාට්‍ය හරහා තමයි. ඒ ‘විනුලි’ චරිත තුළින්. දිලුෂි දඟකාර වුණාට විනුලි තරම් චණ්ඩියෙක් නෙවේ ඉතින්.
ඔබේ පළමු රංගන තමයි අපි මේ දකින්නේ. නිළියක් වීමේ අවස්ථාව ලැබුණේ කොහොමද?
‘2020 දෙරණ’ අවුරුදු කුමරිය තරගාවලියේ තුන් වැනි ස්ථාන කිරුළ හිමිවුණේ මට. ඒ හරහා තමයි ‘ධරණි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ. මම කවදාවත් හිතුවෙ නැහැ මට කලා ක්‍ෂේත්‍රයේ මේ වගේ තැනකට එන්න ලැබෙයි කියලා.
ඔබට ඒ පාර හැදුණේ ‘විනුලි’ නිසා. ඉතින් ඒ ගැන කතා කළොත්?
මේ මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. ඒ විතරක් නෙවේ මේ මම පුවත්පතකට කතා කරන පළමු අවස්ථාව. ඉතින් මේ අවස්ථාවන් දෙකම මට විශේෂයි. කිවයුතු බොහෝ දේවල් තිබුණත් මම හිතන්නේ නැහැ ඒ තරම් ඉඩකඩක් මම වෙනුවෙන් වෙන් වෙයි කියලා. ‘විනුලි’ වැනි සුවිශේෂී චරිතයකට මාව තෝරා ගැනීම ‘දෙරණ’ අධ්‍යක්‍ෂ මණ්ඩලයට වගේම ධරණි ටෙලිනාට්‍ය කණ්ඩායමට මුලින් ස්තුතිය පුදකරනවා. හරිම අලුත් අත්දැකීමක් වුණා මට විනුලිගේ චරිතය. ඒ වගේම ටිකක් කුතුහලයක් ඇති චරිතයක් පළමු වරට කරන්න ලැබීම සතුටක්.
දිලුෂි මේ තරම් හොඳට සටන් ඉගෙන ගත්තේ කොහොමද?
මම සටන් කලාව හදාරලා නැහැ. ‘ධරණි’ ටෙලිනාට්‍ය වෙනුවෙන්ම මට එය පුරුදු පුහුණු වීමට සිද්ධ වුණා. ඔසද බණ්ඩාර මාස්ටර් තමයි අපිට සටන් පුරුදු, පුහුණු කළේ. ඉතින් ඉතා කැපවීමෙන්, උනන්දුවෙන් ‘විනුලි’ චරිතය වෙනුවෙන් මහන්සි වෙන්න සිද්ධ වුණා.
මෙවැනි සටන්කාමී චරිතයකට ඔබට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර කොහොමද?
අනේ නැහැ… ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර ප්‍රේක්‍ෂකයන්ගේ විවිධ අදහස් තිබුණා. මම හිතනවා මම චරිතයට සාධාරණයක් කරලා තිබෙන නිසා තමයි මෙවැනි ප්‍රතිචාර ලැබෙන්නේ කියලා.
සටන් කරන අතුරතුර මොන වගේ ප්‍රශ්නවලටද මුහුණ පෑවේ?
මට මෙය අලුත් අත්දැකීමක්. ඉතින් සියල්ල අවබෝධ කරගෙන තමයි වැඩ කරන්න සිද්ධ වුණේ. අනෙක කැමරාවක් ඉදිරිපිට සටන් කරන කොට ඒ ප්‍රේම් එක ගැන අවබෝධයක් තිබිය යුතුමයි. පුහුණු වීම අතරතුර තුවාල වීම් පවා සිද්ධ වුණා.
ඉතින් ආදරය දිනාගැනීමට සටන් කළ යුතුමද?
ආදරය මට නුහුරු දෙයක්. නමුත් මම හිතන විදියට ජීවිතය ජයගන්නට සටන් කළ යුතුමයි.
ඔබේ මේ චණ්ඩි නිරූපණය ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මැජික් වගේ නේද?
මම අලුත් කෙනෙක්. මෙය කලින් මාව දැකලා නැහැ නිර්මාණවල. ඉතින් ගොඩදෙනෙක් පුදුම වුණා කවුද මේ කෙල්ල කියලා. ඒ විතරක් නෙවේ ගොඩාක් නිර්මාණවල සටන් කරනවා දකින්නේ පිරිමි අයනේ. කලාතුරකින් අංගම්පොර සටන් කලාවත් එක්ක කාන්තාවන් සටන් කරනවා දකිනවා. ඉතින් කෙල්ලෝ දෙන්නෙක් ‘ධරණි’ තුළ සටන් කරන නිසා විශේෂ ආකර්ෂණයක් වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

‘Cash on FD’ පහසුකම කොමර්ෂල් බැංකුවෙන්

Next Post

නිසි කලට අක්ෂි පරීක්ෂාවන් කර ගැනීමේ වැදගත්කම විෂන් කෙයා පෙන්වාදෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.