නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලාංකේය නාගරික පද්ධතිය නව මංපෙතකට ප්‍රවේශ වෙමින් නව තාක්ෂණය, නව සංකල්ප, නව රෙගුලාසි ක්‍රමවේදයන් සමග වසර එකහමාරක් ඇතුළත නව නාගරික සැලසුම් 30ක් සම්පාදනය කර නීතිගත කිරීම, සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික හා පොදු මහජනතාවගේ අදහස්ද සමගින් ජාත්‍යන්තර ප්‍රමිතියට ගැළපෙන ලෙසද මෙම සැලසුම් සම්පාදනය කිරීම හේතුවෙන් ඉන්දියාවේ මයින්ස් එස්කේප් එක්සිබිටර් ආයතනය හා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ඩුබායි රජයේ ඉඩම් සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලැබූ ‘ලෝක දේපළ හා ආයෝජන දැක්ම 2019’ (World Property & Investment Show 2019) ප්‍රදර්ශනයේදී නාගරික සංවර්ධන අධිකාරිය මෙරට නාගරික ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ දැවැන්ත කාර්ය ඇගයීමට ලක්කර මෙම සම්මානය පිරිනමන ලදී. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ඉන්දියාවේ මුම්බායිහි නේරු ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී එම සම්මානය පසුගිය 20 වැනි දින ලබාගන්නා ලදී.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධානතම ආයතනයක් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. බස්නාහිර මහා නගර සැලසුමත් සමග රට පුරා සුසැදි, සුරැකි, සොඳුරු නාගරිකකරණයක් යන දැක්මත් සමග නාගරික සංවර්ධන බල ප්‍රදේශයන් සඳහා ආර්ථික සමාජයීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සකස් කිරීම ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක අධිකාරිය කැපවී සිටී.
දශක හතරක් පුරා මෙරට සමාජ ආර්ථික, පාරිසරික හැඩතලයන් ක්‍රමිකව වෙනස් කරමින්, බහු ආගමික, බහු වාර්ගික ජනතාවට ඇවැසි පරිදි නාගරික පද්ධතියක් රටපුරා ගොඩනැගීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී ඇත.