• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ගට්මෝර් අයිනේ මරේ මරු ඇල්ල

November 6, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
ගට්මෝර් අයිනේ මරේ මරු ඇල්ල
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ තිබෙන අතිශයින්ම සුන්දර තවත් දියඇලි දෙකක් ලෙස මස්කෙළිය ගාට්මෝර් සහ මරේ දිය ඇල්ල හැඳින්විය හැකිය. එකම දිය පහර දෙකට බෙදී තැන් දෙකකින් එකම ජලාශයකට ඇදහැලෙන දියඇලි ද්විත්වය වන්නේද ගාට්මෝර් දියඇල්ල හා මරේ ඇල්ලම පමණි. විවිධ කෝණ ඔස්සේ රසවිඳින්නට හැකි මේ දියඇලි නරඹන්න නම් ඔබට මස්කෙළියේ සංචාරය කරන්න සිදුවේ. මේ දිනවල වැසි අධික නිසාවෙන් එහි සුන්දරත්වය වැඩිවී තිබේ. මෙවර ‘ඇවිදිමු ලංකා’ අප එහි සංචාරය කළෙමු.

දැරණියගල සිට බුද්ධිකත්, සමීර මල්ලිත්, මාත් අන්හෙට්ටිගම මිනුවන්දෙනිය හරහා කොත්තැල්ලෙන ගම මැදින් වැටී ඇති පාරේ උදෙන්ම මස්කෙළියට ආවේ හවස් වෙනකොට වැස්සට කොටුවන හින්දා. සප්ත කන්‍යා කඳුවැටිය පාමුලින්ම තියෙන මේ මාර්ගය මස්කෙළිය හතරේ කණුව හන්දියට වැටෙන ලේසිම පාරක්. අවිස්සාවේල්ල, දැරණියගල ඒ අවට අය ශ්‍රීපාදය කරුණා කරන්න බොහෝ වෙලාවට මේ පාර පාවිච්චි කරනවා. අපි තුන්දෙනා බයික් දෙකකින් මේ ගමන ගියේ පොදු ප්‍රවාහනවලට වැයවන කාලය ඉතිරි කරගෙන තවත් තැනක ඇවිදින්න පුළුවන් හින්දා. එක් දවසකින් එන්න ගියත් දවස් දෙකකට බලන්න ඇවිදින්න තැන් මස්කෙළියෙ තියනවා. වැඩිපුරම දෙමළ ජාතිකයන් ඉන්න නිසා හරි හැටි තොරතුරක් අහන්න කෙනෙක් නෑ. ගොඩක් අයට සිංහල බෑ. ඒ නිසා සංචාරය පුරාම ටදදටකැ ප්ච පිහිට පතන්න ඔබට සිද්ධ වෙනවා. ගාට්මෝර් වත්තේ නැරැඹුම් මැදිරි අටවලා තිබ්බත් ඒ අට්ටාලවල ඉඳන් දියඇලි බලන එක නම් තේරුමක් නෑ. ඒ හින්ද අපි ඇල්ල ළඟටම යන්න තේ වත්ත මැදින් ට්‍රැක්ටර් යන පාරක කිලෝමීටර හයක් විතර ගියා. ගොඩක් වෙලාවට සංචාරකයන් ගාට්මෝර් නැරැඹීමට නැරැඹුම් මැදිරි තුළට කොටු වුණත් ත්‍රාසජනක අත්දැකීමකට ප්‍රියකරන සංචාරකයන් දියඇලි ළඟටම යනවා.

ගාට්මෝර් ඇල්ල ශ්‍රීපාද කන්දට ආසන්න බැවින් ශ්‍රීපාද දියඇල්ල ලෙසද හැඳින්වේ. මෙම දියඇල්ල ගාට්මෝර් වතුයායේ පිහිටා ඇති බැවින් එය ගාට්මෝර් දියඇල්ල ලෙසද හැඳින්වේ. ගාට්මෝර් දියඇල්ල නැරැඹීමට නම් මස්කෙළියේ සිට ගාට්මෝර් වතුයාය හරහා ගමන් කළ යුතුය. මස්කෙළිය සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුවත් මෝටර් සයිකල් වැනි පෞද්ගලික වාහනයක් මඟින් ගියහොත් ඔබගේ සංචාරය පහසු වේ. තේ වතු මැදින් තිබෙන මාර්ගයේ මේ දිනවල ඉතාමත් පරෙස්සමෙන් ගමන් කළ යුතුය. ලිස්සීමකදී මහා ප්‍රපාතයන්ට වැටීමේ ඉඩකඩ වැඩිය. ගාට්මෝර් දියඇල්ල හා මරේ ඇල්ලද කෙළින්ම මාවුස්සාකැලේ ජලාශයට වැටෙන අතර මාවුස්සාකැලේ ජලාශයද දියඇලි දෙකකින්ම පෝෂණය ලබයි. අඩි 45ක පමණ උසකින් යුත් ගාට්මෝර් දියඇල්ලට සමානව අනෙක් දියඇල්ල වන මරේ ඇල්ල තරගයකට මෙන් කඩාහැලෙයි. මෙම දියඇලි දෙකම එකම කෝණයකින් දැකීම නම් ඉතා අසීරුය. ඒ සඳහා බෝට්ටුවක ආධාරයෙන් ජලාශය මැදට යා යුතුය. ගාට්මෝර් ඇල්ලට මීටර සිය ගණනක් පමණ ඈතින් මරේ ඇල්ල පිහිටා ඇත. මෙම දියඇලි දෙක ආසන්නයේ තිබීම නිසා සංචාරකයන් දියඇලිවල නම් පටලවා ගන්නා අතර මරේ දිය ඇල්ල සමහර විට ගාට්මෝර් දියඇල්ල ලෙසද හඳුනා ගැනේ.

මරේ දියඇල්ල සමනල කඳුවැටියෙන් ආරම්භ වන සුන්දර ජල ධාරාවකින් පෝෂණය වී සැඟවී තිබෙන සුන්දර දියඇල්ලකි. මෙම දියඇල්ල කොටස් 3කට කඩාහැලෙන්නේ චමත්කාරජනක දසුනක් මවාපාමිනි. කොළඹ සිට කිලෝමීටර 140ක පමණ දුරකින් පිහිටා ඇති මෙම දියඇලි දෙකට කොළඹ සිට මස්කෙළිය නෝර්ටන් මාර්ගය ඔස්සේ ළඟාවිය හැකිය. මරේ වතුයායේ එක් කොනකට වන්නට මෙම දියඇලි පිහිටා තිබීම නිසා සොයාගැනීමට අපහසු නැත. මරේ වතුයාය අසලින් වැටී ඇති අඩි පාර ඔස්සේ දියඇල්ල අසලටම යා හැකි නමුත් ළඟාවීමට ඉතා අපහසු මාඉමක පිහිටා ඇති බැවින් කල්පනාකාරීව ගමන් කළයුතු වේ. මරේ සහ ගාට්මෝර් දියඇලි දෙකට අමතරව මේ දිනවල සංචාරය කරන්නකුට තවත් දියඇලි දහයක් පමණ ඒ අවටම දැකිය හැකිය. ඔබ සිරිපා කරුණාකර මෙහි යෑමට අදහස් කරයි නම් එය ප්‍රයෝගික නොවේ. ගමන් විඩාව සමඟ මෙම ඇලි නැරැඹීමට යා නොහැකිය. කෙතරම් සුන්දර වුවත් දිය නෑමට හා ජලාශයට බැසීමෙන් වැළකීම නුවණට හුරුය.

ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

එජාපය ‘හිරු’ වර්ජනයක: දැන්වීම් දීමත් නවත්වයි: සජිත්ගෙනුත් ප්‍රකාශයක්

Next Post

නාගරික සංවර්ධන අධිකාරිය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.