ආහාර ස්වස්ථතාව හෙවත් එහි ගුණාත්මක බව සහ සනීපාරක්ෂාව සම්බන්ධව Ind-Expo Certification Ltd ආයතනය විසින් පිරිනමනු ලබන 5 Crown සම්මානයෙන් අඛණ්ඩව පස්වැනි වරටත් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු වන නවලෝක රෝහල සමත් වී තිබේ.
නවලෝක රෝහල් ජාලය වර්ෂ 2012දී පළමු වරට මෙම සම්මානය සඳහා අයදුම් කළ අතර එම පළමු උත්සාහයෙන්ම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම විශේෂත්වයකි. එතැන් සිට ආහාර ගබඩා කිරීම් පිළියෙල කිරීම් ඇතුළු ආහාර සම්බන්ධ සෑම ක්‍රියාවලියක්ම තවදුරටත් ශක්තිමත් කරමින් රෝගීන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් නවලෝක රෝහල් ජාලය මනා කැපවීමකින් කටයුතු කරනු ලබයි.
Ind-Expo Certification Ltd ආයතනය විසින් මෙම සම්මානය නිල වශයෙන් පිරිනැමීම නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදු කෙරිණි.