වෙළෙඳපොළ විශ්ලේෂණය
දළ වශයෙන් වසරක් තුළ අපගේ මුළු ටයර් වෙළෙඳපොළ අවශ්‍යතාවය වන්නේ 3,118,500කි. එයට සාපේක්ෂව සමස්ත දේශීය ටයර් නිෂ්පාදන ධාරිතාවය 1,865,000 වන අතර ආනයනය කරන ලද ටයර් සඳහා වාර්ෂික වෙළෙඳපොළ පරිභෝජන අවශ්‍යතාවය 1,253,500කි. එමෙන්ම පසුගිය වසර 03 සඳහා ආනයන කළ මුළු ටයර් ප්‍රමාණය; 2019 වර්ෂයේදී 1,221,315ක්, 2018 දී 1,419,534ක් සහ 2017 දී 1,459,308කි.
“මුල් නිෂ්පාදන රේඩියල් ටයර්”භාවිතය
ප්‍රකට ගෝලීය වාහන නිෂ්පාදකයින් විසින් වාහනයක දිර්ඝකාලීන ක්‍රියාශීලිත්වය, සුවපහසුව හා ආරක්ෂාව සඳහා “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්” භාවිතය පමණක් නිර්දේශ කරනු ලැබේ. එවැනි අති නවීන වාහන හිමිකරුවන් විසින් “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්” සන්නාම පමණක් තෝරා ගැනීමට රුචිකත්වයක් දැක්වීම ස්වභාවිකය. මේ සඳහා විවිධ සන්නාම නාමයන්ගෙන් හඳුන්වනු ලබන තත්ත්වයෙන් ඉහළ නොයෙක් වාහන මාදිලිවලට නිර්දේශ කළ ඒ ඒ “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්” මිලදී ගැනීමට හැකි අවකාශය වෙළෙඳපොළෙහි ගම්‍ය විය යුතුය. එයට හේතුව විශේෂයෙන්ම “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්” භාවිත කිරීම සඳහා නිර්දේශිත ජාත්‍යන්තර උපදෙස් මාලාවට පටහැනිව ප්‍රමිතියෙන් තොර විකල්ප ටයර් භාවිතා නොකිරීමට වාහන හිමිකරුවන් ඉතා පරික්ෂාකාරී වීමය. සැමවිටම වාහන හිමිකරුවන් විසින් රේඩියල් වර්ගයේ “මුල් නිෂ්පාදන ටයර්” භාවිතා කිරීම සඳහා ප්‍රබල ප්‍රවණතාවයක් නිරායාසයෙන් නිර්මාණය වේ. රේඩියල් ටයර් නිෂ්පාදනය සඳහා ප්‍රචලිත කාර්යක්ෂම ඉංජිනේරු තාක්ෂණය ලෙස සැලකෙන්නේ ලොව දැනට ශක්තිමත් ලෙස ප්‍රතිස්ථාපිත “සුපිරි රේඩියල් ටයර්” ශිල්පීය ක්‍රම වේදයයි. 2019 දත්තයන්ට අනුව ටයර් ආනයනය කිරීම තුළින් රුපියල් බිලියන 4.5ක් පමණ වන රේගු බදු ආදායමක් රජය වෙත උත්පාදනය කරන ලදී.
කෙසේ වෙතත්, රජය විසින් දැනට තාවකාලිකව ටයර් ආනයනය සීමා කර තිබීම හේතුවෙන් පාරිභෝගිකයාගේ දෘෂ්ටි කෝනයෙන් බලන කල කිසියම් අපහසුතාවක් පැනනැඟී තිබෙන බව විද්‍යමාන වේ.











