• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඔන්න අපි තුන්දෙනෙක් වෙන්න යනවා

September 5, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ඔන්න අපි තුන්දෙනෙක් වෙන්න යනවා
Share on WhatsAppShare on Facebook

ලෙයින්, මසින් හැදුණද සුපිරි තරු යනුවෙන් හැඳින්වෙන්නේ ‘කාල්පනික’ ජීවිත රටාවන් ගෙවන මිනිස් සමූහයකි. කාල්පනික යන්නෙහි සරල අර්ථය වන්නේ, මනසින් බාගයක් සජීවීවවත් ඉතිරි බාගය හීන ලෝකයකත් ජීවත් වන මිනිස් සත්වයනටය.
නිදසුනක් ලෙසට මේ සඳහා කිසිවකු ගෙනහැරපාන්නේ නම් අසල්වැසි ඉන්දියාවට අත දිගු කළ හැකිය. ඉන්දියාවේ සුපිරිය කියන සීමාවේ සිටින නළු නිළියන් සේම ක්‍රිකට් ක්‍රීඩකයන්ද ගෙවන ජීවිත බොහෝ විට කාල්පනිකය. ඒ කාල්පනිකභාවය නිසාම ඔවුන්ගේ ජීවිත සුදු පිරියම් කළ සොහොන් ගෙවල්වලට සමානය. විටක සුන්දරය. පෙනුමය. එහෙත් ඇතුළත කුණු ගඳගහන අශුද්ධ තැනකි. ඒ අශුද්ධ තැන සිට ඔවුන් කරන කියනා දේ තුළ වන්නේද සදාචාරයට පටහැනි දේය.
ඔවුනට හරි හමන් පවුල් ජීවිතයක් නැත. යන හැම තැනම අනියම් සම්බන්ධකම්ය. තවත් විටෙක පළමු පවුල හැරදා කිසිදු චකිතයක් නොමැතිව නිවෙසින් එළිපත්ත පනින මේ සුපිරි තරු තවත් තරුණ යුවතියක සමඟ මෙගා ක්‍රමයට පවුල් කෑම අරඹති. ඇයව තමාට මැච් නම් පමණක් සහේට ගනිති.
60 – 70 දශකයේ ධර්මේන්ද්‍රලා අතර සේම 80 – 90 දශකයේ සයිෆ්ලා සහ අමීර්ලා අතරද එය සිදුවිය. 2000න් පසුව 2020 වන තුරුම එය තවදුරටත් විලාසිතාවක්ව ගලා යන බවට තම සිදුවීම් ඕනෑ තරම් ගෙනහැර පෑ හැකිය.
එලෙසම,
ඔය අතර ප්‍රේමය, විවාහය යන බැඳීමෙහි අර්ථය ශුද්ධ වූ ලෙස සලකන සුපිරි තරුද වේ. අහඹුවක් ලෙස ගත හැකි එවැනි අතළොස්සක් වූ දෙනා අතර මෑතක සිට කාගෙත් නෙත් සිත් හරි අපූරුවට ඇඳබැඳ ගත් පෙම් යුවළක වූයේ විරාත් කෝලි සහ අනුෂ්කා අර්මාය. තරමක කලෙක සිට ලෝකයට එළිදරව් වන්නට ගත් කෝලි අනුෂ්කා පෙම් පලහිලව්ව බොහෝ විට රසික නෙතට, සිතට සොඳුරු රූපකායන් මවාලයි.
පිත්ත හෝ පන්දුව අතට ගත්විට නොහික්මුණු මැරයකු සේ හැසිරෙන කෝලි, තරගය නැරැඹීමට හදිසියේවත් අනුෂ්කා පැමිණෙන දිනෙක නම් තම ස්වරූපය වහා වෙනස්කරයි. ප්‍රතිවාදී කණ්ඩායමේ සගයනට දයාවන්ත තට්ටුවක් දමන අතර, හෙතෙම ආපිට හැරී ඕඩියන්ස් එක දෙස බලා අනුෂ්කා වෙත ආදරණීය ‘සුළං හාදුවක්’ දෙන්නේ තමා කවුද යන වග මොහොතකට අමතක කරලමිනි. අනුෂ්කා හමුවේ ‘පුරු පුරු’ ගාන තාලයේ කදිම පූස් පැටවකු වන විරාත්ගේ මේ පෙම් පලහිලව්වද සෝබනයක් හෝ දර්ශනයක් පමණකැයි යන්න පැපරාශීන් පැවැසූ වාර අනන්තය.
එහෙත්,
ඒ සියල්ල බොරු කරවමින් කෝලි ජයපහට සැබැවින්ම එය වචනයකට නැඟිය නොහැකි සුන්දර හැඟීමකි, මා සිටියේ පොදු තැනක නොවේ නම් මම මවෙත පීතෘත්වය දුන් මගේ දරුවාගේ අම්මාව දෑතින් ගෙන වට 7ක් කැරකෙනවා නියතය.
මට දැනුණේ මම සඳ – තරු අතර ගෑවෙන නොගෑවෙන තරමට ඉහළට ඇදී යන බවක්ය. දරු උපතක් පිළිසිඳ ගැනීම තුළ අනුෂ්කා සතුටු වන තරම් කොතෙක්ද? මගේ සතුට ඊට දහස් ගුණයකට වැඩිය.
ඉතින් කෝලි – අනුෂ්කා මඟුලක් ගෙන හැඩකාර අනුෂ්කාට තම නිවෙසේ යතුර බාර දුන්නේය.
මාස 6න්, 12න් බිඳී යන විවාහ බැඳීම් අතර කෝලි – අනුෂ්කා විවාහයට වසර තුන පිරුණේ, අනුෂ්කාගේ කුස තුළ කෝලිට දාව ජාතක වන කුලුඳුල් දරුවා වෙනුවෙන් සෙනෙහසේ යහන තනමිනි.
තමා පියකු වීමේ වාසනාවට උරදී තිබෙන ආරංචිය දැනත් විගස කෝලි එය තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි මුදා හැර තිබුණේ කාව්‍යමය සිතුවිල්ලක ආකාරයටය.
පසන් නිවෙසට තුන් වැනියා පියවර තබන තුරු මම බලා සිටිමි.
එයට දින කිහිපයකට පසුව අනුෂ්කාද සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම තුළ තම සටහන මෙලෙස තැබීය.
‘ඉතින්..,
ඔන්න අපි තුන්දෙනෙක් වෙන්නට යනවා,’
මේ ආරංචිය රසික ඔබට කොහොම වේදැයි මම නොදන්නවා වුවද විරාත්ට සහ මට නම් එය සිහිනයෙන් ගෑ සෙනෙහෙබර සුවඳකි.
2021 ජනවාරිය වන විට විරාත් බේබි කුටිය සරසන්නට මොන මොන විච්චූර්ණ කරාවි දැයි මම නොදන්නෙමි. නමුත් මොන දේ කළද මම ඊට සතුටු වෙමි. ඒ අතර බේබි නැපියක් ඇඟිලි තුඩු අගින් ඔසවා ගෙන අලංකාරව සිනාසෙන මගෙත්, කෝලිගෙත් ලොකු පින්තූරයක් කාමරයේ බිත්තියක් මත අලවන්නට මම ආසාවෙන් සිටින්නෙමි.
එම ආකාරයට පළවූ කෝලිගෙත්, අනුෂ්කාගෙත් මුදාහැරීම්වලට සිය දහස් ගණනක කමෙන්ට්ස් පළවී තිබිණි.
කොරෝනා වසංගතය ගැන කතාබහ කරන්නට විරාත් කෝලි පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වී තිබිණි. එතැනදී සාකච්ඡාව නිම කරන්නට ආසන්නයේදී විරාත් ඉතාම
හැඟීම්බරව පැවැසූ වදන් මෙලෙස සමාජ ජාලා වෙබ් අඩවියක සටහන්ව තිබිණි.
කොරෝනාව ගැන කතා කරන්නට බය හිතෙන තරමට එය අකාරුණිකයි.
එනමුත් බොහෝ දෙනකුට බොහෝ දේ අහිමි කළ කොරෝනාව තවත් විටෙක බලන විට වෙස්වළාගත් ආශීර්වාදයක් වැනිය.
ඒ ආශීර්වාදය තුළ මම සහ අනුෂ්කා බොහෝමයක් වූ සතුටට පත්ව සිටින්නෙමු.
මන්දයත්…
අප දෙදෙනා එක්ව ගත කළ දීර්ඝතම කාල පරිච්ඡේදයට කොරෝනාව තුළ අත්දුටුවෙමු. කවුරුන් හෝ වේවා, ඔහු හෝ ඇය තමා ආදරය කරන බිරිය හෝ සැමියා සමඟ නිතර නිවෙසේ ගැවසීම ඔවුනොවුන් අතර ආදරය සහ දුක – සැප බෙදා හදා ගැනීම ඉතාම
හැඟීම්බර සිදුවීමකි.
ඒ හැඟීම්බර සිදුවීම මිල කළ නොහැකි බොහෝ දෑ අප ජීවිතයට පුද දෙන බව මමත් අනුෂ්කාත් ඉගෙන ගත්තේ කොරෝනාව නිසාමය.
කෙතරම් නරක අත්දැකීම් තිළිණ කළද, ‘එකට වසන විට පවුලක අගය කෙතරම් දැයි’ යන අගය ලොවට පසක් කළ කොරෝනාවට මම ස්තුති කරමි.
කතාව අවසානයේ කෝලිගේ දෙනෙතට පුංචි කඳුළක් කාන්දු වී තිබිණි.
ඔබේ ඇස්වල කඳුළු,
යැයි වැඩසටහන මෙහෙයවන්නා පවසන විට,
‘ඔව්, ඒ මගේ දරුවා සහ එයාගේ අම්මා වෙනුවෙන් මට දැනෙන මහා ආදරයයි.’
යනුවෙන් විරාත් කෝලි ඉතාම සංවේදීව පැවැසුවේ හැඟීම්බර සිනාවක්ද සමඟය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මිසුමි හා චැම්පියන් සබන් ගෝලීය වෙළෙඳපොළට

Next Post

දේශීය වෙළෙඳපොළ හා ටයර් ආනයනකරුවන්ගේ දැක්ම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.