ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල ආරියකුමාර මහතා ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ (CNCI Achievers Award 2019) සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රන් හා රිදී සම්මාන හිමි කරගැනීමත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානවලින් අඛණ්ඩව පිදුම් ලැබීමත් ඒ අතරින් ප්‍රධානය.