මෑතකදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී Employee Branding ආයතනය මගින් සංවිධානය කරන ලද රාජ්‍ය මැති ඇමැතිවරුන්, විද්වතුන්, දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ සම්මාන උළෙලේදී 2019 වසර සඳහා වන විශිෂ්ටතම සේවා යෝජක සම්මානයකින් ශ්‍රී ලංකාවෙහි කාබනික බීම නිපදවීමේ ප්‍රමුඛ සමාගමක් වන හා පෙප්සි නිෂ්පාදනය සඳහා බලයලත් නියෝජිත ආයතනය වන වරුන් බෙවරේජස් ලංකා පෞද්ගලික සමාගම වෙත පිරිනැමිනි .
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම පසුගිය වසර ගණනාවක් පුරාවට තම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සිදුකරන ලද විවිධ වැඩසටහන් හා එම සමාගමේ සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සම්බන්ධ කරගනිමින් මෑතකදී සිදුකරන ලද ඒකාබද්ධ කාර්ය මණ්ඩල සබඳතා වැඩසටහන ඇගයීමකට ලක්කරමින් මෙම සම්මානය පිරිනමන ලදී.