සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉන්ජිනේරු පොදු සමාගම (ඩීමෝ), ලෝ ප්‍රකට ඇමෙරිකානු බල මෙවලම් නිෂ්පාදකයකු වන ස්ටැන්ලි බ්ලැක් ඇන්ඞ් ඩෙකර් සමඟ අත්වැල් බැඳ ගැනීම පසුගියදා නිවේදනය කෙරිණි. මේ සබඳතාව ඔස්සේ, ඩීමෝ, ශ්‍රී ලංකාව තුළ ඩීවෝල්ට්, බ්ලැක් ඇන්ඞ් ඩෙකර් හා ස්ටැන්ලි නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කරන අතර, එම උසස් වෙළෙඳ සන්නාමයන් සමඟ ඩීමෝ බල මෙවලම් වෙළෙඳ පොළ තුළ තවදුරටත් ශක්තිමත් වීම අපේක්ෂා කරයි.
දේශීය බල මෙවලම් වෙළෙඳපොළ කොටස් තුනකින් යුක්ත වන අතර නව සබඳතාව හේතුවෙන් මෙම සෑම වෙළෙඳපොළක් සඳහාම, සැපයුම් ලබා දීමේ හැකියාව ඩීමෝ සතු වෙයි.











