• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මං රඟපාද්දි අඬනවට දුව කැමැති නෑ

January 21, 2020
in Heart
Reading Time: 1 min read
A A
මං රඟපාද්දි අඬනවට දුව කැමැති නෑ
Share on WhatsAppShare on Facebook

හිමාලි සයුරංගි අද සම්මානනීය රංගන ශිල්පිනියක්. මේ දිනවල තිරගත වන ‘සුනාමි’ චිත්‍රපටය හරහා රිදී තිරයේ ඇයත් දැක ගන්නට පුළුවන්. දරුවකුගේ ආදරය, සෙනෙහස ඉල්ලමින් හඬා වැලපෙමින් සාර්ථක රංගනයකට ජීවය ලබාදෙන ඇය ඒ වේදනාබර කතාව මෙලෙසට සනිටුහන් කළා.
කාලෙකට පස්සේ නැවැත හිමාලි සිනමාවට එකතු වුණා නේද?
සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කරන රේණුකා බාලසූරිය නිෂ්පාදනය කරන සුනාමි චිත්‍රපටයට ශ්‍රියානි චරිතය නිරූපණ කිරීමට මට ආරාධනා කළා. ඔවුන් සමඟ වැඩ කරන්න මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබුණා. ‘සුනාමි’ චිත්‍රපටය හරහා මගේ සිහිනය සැබෑ වුණා.
‘ශ්‍රියානි’ චරිතය හරහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හරිම සංවේදනීය චරිතයක් තමයි මටත් නිරූපණය කරන්න සිදුවුණේ. ශ්‍රියානි වගේ අම්මලා එදා සුනාමි දවසේ මොන තරම් කඳුළු වගුරන්න ඇතිද? තමාගේ දරුවන් පවුල් වෙනුවෙන්. එදා ඒ හඬපු එක ශ්‍රියානි කෙනෙක් මමත් නිරූපණය කරන්න ඇති. එදා මුළු රටක්ම කම්පා කළ ඛේදවාචකයේ එක් කතාවක් ‘සුනාමි’ හරහා නිර්මාණය වුණා.
මම හැමෝටම ආරාධනා කරනවා ‘සුනාමි’ චිත්‍රපටය නරඹන්න කියලා. මනුෂ්‍ය හැඟීම් එක්ක කතා බහ කෙරෙන සුවිශේෂී නිර්මාණයක් තමයි ‘සුනාමි’ චිත්‍රපටය.
සිකුරු හතේ නැඟී එන නිළියට සම්මාන ලැබුණාට පසුකාලීනව චිත්‍රපටවලින් ආරාධනා ලැබුණේ නැහැ නේද?
ඒක තමයි ඉතින් සම්මාන ගත්තාට මට ආරාධනා ලැබුණේ නැහැ. නිහඬව ඉන්න විට තමයි මට ‘සුනාමි’ චිත්‍රපටයට දායක වීමට අවස්ථාව උදා වුණේ. දක්‍ෂතා පෙන්නුවාට පසුකාලීනව ඉදිරියට යෑමට නිර්මාණවලින් ආරාධනා අඩු බවක් දකිනවා.
සිනමාවේ විතරක් නොව ඔබ පුංචි තිරයෙත් ජනප්‍රිය කිරුළ දරා හමාරයි. ඒත් නිර්මාණ එක්ක ගනුදෙනුව අඩුයි?
ජනප්‍රිය වුණා කියලා හැම නිර්මාණයෙම රඟපාලා වැඩක් නැහැ. මම කරන චරිතය මට වගේම ප්‍රේක්‍ෂකයන්ටත් යමක් දැනෙන්න ඕනෑ. නැතුව නිකම් කරන්නම් වාලේ නිර්මාණවල රඟපාලා වැඩක් නැහැ. එයින් අපි ආපු ගමනටත් ඵලක් නැහැ. කරන දේ හරියට කරන්නයි මම උත්සාහ කරන්නේ.
එක දිගට දකින අයව ප්‍රේක්‍ෂකයන්ට එපා වෙන්නෙ නැද්ද?
ඔබ ඔය කියන්නේ ‘දෙවැනි ඉනිම’ ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. ‘දෙවැනි ඉනිම’ මම හිතන්නෙ නැහැ කාටවත් එපාවීමක් වෙලා කියලා. මම චරිතයට ආදරය කළා වගේම මගේ චරිතයට ආදරයෙන් ප්‍රේක්‍ෂක දහස් ගණනක් මම සමඟ බැඳුණා. මට එහෙම එපා වීමක් වුණා නම් මෙයට කලින් ඉවත් වෙලා. නමුත් හැමෝම කතාබහ වෙලා දැන් ඇති කියලා හිතුවා. ඉතින් දෙවැනි ඉනිම අවසාන කාල වකවානු සිදුවෙමින් යනවා. නැතුව මම කැමැති නැහැ එකපාරට චරිතයක් මඟ දමලා ගහලා යන්න.
රංගන ශිල්පිනියක් වගේම ඔබ ගෘහිණියක් විදියට කොහොමද ඔබගේ වැඩකටයුතු සැලසුම?
මම මොන දේ කළත් මගේ පවුලට මුල්තැන දෙන්නේ. දුරබැහැර ප්‍රදේශවලත් ටෙලිනාට්‍ය රූපගත කිරීම් සිදුකෙරෙන නිසා සමහර නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්න වුණා. ගෙදර ඉන්න වෙලාවට මගේ අතින් තමයි හැම වැඩ කටයුත්තක්ම කරන්නේ. දුවගේ වැඩකටයුතු නිසා ගෙදරදී කාලය ගෙවෙනවා දැනෙන්නේ නැහැ.
දුව මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ ඔබගේ රඟපෑමට?
එයාට ලොකු තේරුමක් නැහැ. නමුත් දන්නවා මම රඟපාන බව. එයා කැමැති නැහැ මම රඟපෑමේදී අඬනවාට. ඒ වගේම පොඩි දරුවන්ට ආදරය කරනවාට. එතකොට එයාට දුකයි කියලා කියනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මියගිය පෙම්වතියගෙන් පෙම්වතාට තර්ජන

Next Post

ඩීමෝ ස්ටැන්ලි බ්ලැක් ඇන්ඞ් ඩෙකර් හා අත්වැල් බැඳ ගනියි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.