1939 අගෝස්තු මස 31 වැනිදා කොළඹ කොටුව බි්‍රස්ටල් වීදියේ අංක 41 දරන ස්ථානයෙන් අරඹා වර්තමානය වන විට දේශීය ශාඛා 643කට අධික සංඛ්‍යාවක් විදේශීය ශාඛා 4ක් සහ ලන්ඩනයේ උප සමාගමක් සහිත දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය බවට පත්වූ ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව වසර 2020 අගෝස්තු මස 01 දින සිය අභිමානවත් 81 වැනි සංවත්සරය සමරයි.
එදා මෙදාතුර වසර 81ක් පුරා ශ්‍රී ලාංකේය ජන ජීවිතයට ආලෝකයක් වෙමින් මූල්‍ය සාරක්ෂාරතාවය සහ ඉතුරුම් පුරුදු ඇති කරවන්නට ලංකා බැංකුවෙන් ඉටුවූයේ අනුපමේය මෙහෙවරකි.
බොහෝ බැංකු නිමැවුම් හා සේවාවන් හඳුන්වාදීමේදී දිවයිනේ ප්‍රථමයා වීමේ කිරුළ කවදත් හිමිකර ගත්තේ ලංකා බැංකුවයි. ප්‍රථම ක්‍රෙඩිට් කාට්පත, ප්‍රථම බැංකු ජංගම රථය, ප්‍රථම විදේශීය ශාඛාවක් ඇති දේශීය බැංකුව වීම ආදී බොහෝ අංශවලින් අපි පෙරමුණෙහි පසුවන්නෙමු.
“ග්‍රාමීය කෘෂි ආර්ථිකය නඟසිටුවීමේ මාහැඟි කර්තව්‍යයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් ආරම්භ කළ ගොවි සේවා මධ්‍යස්ථාන හරහා තම සේවය ව්‍යාප්ත කළ අපි අද වන විට එම ශාඛාවන්ද ඉහළ මට්ටමකට ඔසවා තබමින් තම ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්ත්වයද ඉහළටම රැගෙන යන්නට සමත්ව ඇත්තෙමු. ඔබගේ සියලු මූල්‍ය අවශ්‍යතාවන්ට සරිලන විසඳුම් සමඟින් එදා මෙන්ම අදත් හෙටත් ලංකා බැංකුව ඔබගේ දිවිමඟට සවියක් වනු ඇතැයි” ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා පැවැසීය.











