• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් ඇමැතිකමක් ගන්න නාමල් තිරය පිටුපස ගහපු ගේම් දෙක (රාජ්‍ය රහස්)

August 15, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
කැබිනට් ඇමැතිකමක් ගන්න නාමල් තිරය පිටුපස ගහපු ගේම් දෙක (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මෙවර අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේද අලුත් මුහුණු කිහිපයක්ම කැබිනට් මණ්ඩලයට එක්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ මහින්දගේ පුත් නාමල් රාජපක්ෂට ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය හිමිවීමය. බොහෝ දෙනා සිතන්නේ නාමල්ට මෙම කැබිනට් අමාත්‍ය ධුරය තාත්තා අගමැති වීම නිසාත්, බාප්පා ජනාධිපති වීම නිසාත් ලෙහෙසියෙන් හිමිවූවක් යැයි කියාය. නමුත් ඇත්ත තත්ත්වය එසේ නොව නාමල්ට මෙම කැබිනට් අමාත්‍ය ධුරය ලබාගැනීම සඳහා සටන් දෙකක් කිරීමට සිදුව තිබිණ. ඉන් පළමු සටන නාමල් කළේ අනුන් වෙනුවෙන්ය. දෙවැනි සටන කළේ තමන් වෙනුවෙන්ය.
පළමු සටනේදී නාමල් කියා සිටියේ තමන් මේ වන විට අවුරුදු 10ක් පාර්ලිමේන්තුවේ සිටින බැවින් අමාත්‍ය ධුරයක් හිමිවීමට තමන් සුදුසු බව බොහෝ දෙනා කියා සිටියත් තම පියා පරාජයට පත්වූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරුන් 53 දෙනාටම සාධාරණය ඉෂ්ට වන තෙක් තමන් කිසිදු අමාත්‍ය ධුරයක් බාරගන්නේ නැතැයි කියාය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය තේරීමේදී නාමල් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී සිටි ප්‍රධානම කරුණ වූයේ ඒකාබද්ධයේ සිටි ඒ 53 දෙනාටම ඇමැති තනතුරු හිමිවිය යුතු යැයි කියාය. නාමල්ගේ මේ මතයට මහින්දගේත්, බැසිල්ගේත් එකඟතාවය පළව තිබිණ. පසුව ඔවුන් එය ගෝඨාභයට දැනුම් දීමටද පියවර ගත්තේය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 28 අතරේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් 40 අතරේ මේ 51 දෙනාටම විවිධ තනතුරු බෙදී ගිය ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් ප්‍රශ්නය පැන නැඟුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර පරාජයට පත්වූ මන්ත්‍රිවරුන් දෙදෙනා පිළිබඳවය. එසේ පරාජයට පත්ව තිබුණේ මොනරාගල පද්ම උදයශාන්තත්, මාතර නිරෝෂන් ප්‍රේමරත්නත්ය. පරාජයට පත්වූ මන්ත්‍රිවරුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ලබානොදීමට ගෝඨාභය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණද නාමල් එහිදී කියා තිබුණේ මෙය විශේෂ අවස්ථාවක් සේ සලකා ඔවුන් දෙදෙනා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට පියවර ගත යුතු යැයි කියාය. නමුත් ඊට ගෝඨාභය එකඟතාවය පළ කළේ නැත. ගෝඨා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, එසේ පරාජිත මන්ත්‍රිවරුන් ලැයිස්තුවෙන් ගතහොත් ආණ්ඩුව කෙරෙහි රට ඇතුළේ වැරැදි චිත්‍රයක් මතුවීම නොවැළැක්විය හැකි බවත්ය. ඒ අනුව ප්‍රශ්නය විසඳා ගත්තේ අවසානයේදී පද්මටත්, නිරෝෂන්ටත් එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්ෂකත්වය සහ අමාත්‍ය ධුරයක් ලබාදීමේ එකඟතාවය මතය.
එම සටන ජයග්‍රහණය කිරීමෙන් පසුව නාමල් ඊළඟට සටන් කළේ තමන් වෙනුවෙන්ය. එහිදී බොහෝ දෙනකු රාජ්‍ය අමාත්‍ය ධුරයක් නාමල්ට සුදුසු බව යෝජනා කර තිබුණද නාමල් දැඩි තීන්දුවක් ගෙන තිබුණේ තමන් තෙවැනි වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසාත්, දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට පැමිණ ඇති නිසාත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබිය යුතු යැයි කියාය. මෙපමණ කාලයක් මහින්දගේ පුතා වීම හේතුකොටගෙන තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත්, ඒවා විඳ දරාගෙන මෙතෙක් කල් තමන් පසුපසට වී නිහඬව බලා සිටි බවත් මහින්දටත්, බැසිල්ටත් කියා සිටි නාමල් තවදුරටත් මහින්දගේ පුතා වීම සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොගෙන ආණ්ඩු පක්ෂයේ පසුපෙළට වී කටයුතු කිරීමට තමන් සූදානම් බවත් දැනුම් දී සිටියේය.
නාමල්ගේ මෙම ස්ථාවරය ආණ්ඩුවේ බොහෝ දෙනකුට පසුව දැනගන්නට ලැබී තිබිණ. ඒ අනුව ඔවුන්ද ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී තිබුණේ තවදුරටත් නාමල්ට අසාධාරණයක් නොකොට සාධාරණය ඉෂ්ඨ කරන්න යැයි කියාය. නාමල්ට පළමු වතාවට ක්‍රීඩා සහ තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය හිමිවූයේ එම සටනේ ප්‍රතිඵලයක් ලෙසටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ජාතියේ මහා පහන්ටැඹ ඉදිරි සහශ්‍රයට

Next Post

මෙන්න පෝලිම පටන් ගනී

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.