2020 වසරේදී ලංකාවේ වන ගහන ඉලක්කය 32්% දක්වා වර්ධනය කරගැනීමේ ලක් රජය සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ ගවිසුමට අනුව එම ඉලක්කයන් සපුරා ගැනීමත් එමගින් ගෝලීය කාලගුණ විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීමේ අභිලාසයත් පෙරදැරි කරගෙන ලංකා බැංකුව හෙක්ටයාර සියයක වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
හබරණ ත්‍රිකුණාමල මහා මාර්ගයට මායිම් වූ ගල්ඔය රක්ෂිතයේ සිදුකරන මෙම වන වගා ව්‍යාපෘතිය වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම අස්සන් කිරීම 2019 සැප්තැම්බර් 05 වැනි දින බත්තරමුල්ල “සොබාදහම් පියස” පරිශ්‍රයේදී සිදුවිය. මෙම ගිවිසුමෙහි පාර්ශ්වකරුවන් ලෙස ලංකා බැංකුව, මහවැලි සංවර්ධන සහ පාරිසරික අමාත්‍යාංශ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්සන් කරනු ලැබීය.