මහ රූස්ස වනාන්තරයක් අස්සේ කුරුල්ලොයි රැහැයියොයි එකතුවෙලා හරි හරියට කියන සින්දු අහගෙන ලෝකෙ තියෙන හොඳම සැප සම්පත් විඳින්න තියෙනවා නම් කියල සිහිනයක් කොළඹ වගේ කොන්ක්‍රීට් වනන්තරවල ජීවත් වෙන ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා. ඒත් කෝ එහෙම තැනක්? කැලෑ අස්සෙ තියෙන හෝටල් ගැන අහල තිබ්බට ඒවායෙ කොහෙන්ද ලෝකෙ තියෙන හොඳම සැප.
හැමදාම කැරකෙන කෝණෙන් පොඞ්ඩක් පිට පැනලා වෙනසකටත් එක්ක මේ පාර අපි තෝරගත්තෙ පොළොන්නරුව ගිරිතලේ පැත්ත. ගිරිතලේ කිව්වම ඕනෙම කෙනෙක්ගෙ හිතේ ඇඳෙන්නේ කර්කශ දේශගුණයක් තියෙන පළාතක්. ඔව් ඉතින් ඒ කතාවෙ වරදක් නෑ. අපි හිතුවෙත් එහෙමයි. හැබැයි පැය ගානක් කෝච්චි බස්වල ඇවිල්ල ගිරිතලේ වැව් තාවුල්ලට ගොඩබැස්සම ඇඟේ තිබිච්ච දාඩියත් එක්කම ගමන් මහස්සිය ගිරිතලේ වැවේ සුළඟට ගහගෙන යනකොට අපේ හිතත් ටිකක් වෙනස් වුණා.
රූස්ස වනාන්තර අස්සෙ නවාතැන් තියෙන්න පුළුවන්. හැබැයි ලෝකෙ තියෙන හොඳම සැප ඒවයෙ හොයන්න ටිකක් අමාරුයි. අපි මේපාර නිවාඩුව ගතකරන්න යන්නෙ එහෙම තැනකට. ඒ තමයි පොළොන්නරුවේ ගිරිතලේ Deer Park තරු හතරේ නවාතැන.
Deer Park කියන්නෙ පොළොන්නරුවටම තියෙන ලොකුම හෝටලය කිව්වත් මා නිවැරැදියි. නවාතැනට ඇතුළු වෙනකොටම දැනෙන්නෙ වනාන්තරයක් ඇතුළට යනවා වගේ හැගීමක්. එහෙම හිතාගෙන නවාතැනට ඇතුළු වුණා කියමුකො. ලොබි එකේ ඉඳලා පහළ බලනකොට එකපාරටම අපේ ඇස් අදහාගන්න බැරි වුණා. අපි මේ ඇවිත් ඉන්නේ ගිරිතලේටද, එහෙමත් නැත්නම් නුවරඑළියෙ ග්‍රෙගරි වැව ළඟටද කියල. ඒ තරමට සුන්දරයි මේ පරිසරය. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් මෙච්චර රස්නෙ පැත්තකට කොහොමද නුවරඑළිය වගේ කියන්නේ කියල. ඇත්තටම ඒක මට පැහැදිලි කරන්න අමාරුයි. ගිරිතලේ වැවෙන් එන සුළං රැලි Deer Park නවාතැනේ තියෙන රූස්ස ගස් සිඹගෙන ඇවිත් අපේ ඇඟේ දැවටෙන කොට හිතටයි ගතටයි දැනුණු සනීපෙ නුවරඑළියෙ ග්‍රෙගරි වැව ළඟදිවත් මට නම් දැනිලා නෑ.
මේ නවාතැන ගස්වලට ආදරේ නවාතැනක්. කාමර 85ක් තියෙන මේ නවාතැනේ කාමර විශාල ගණනක් තුළත් ගස් තියෙනවා. ගසටත් හානියක් නැතිව කාමර හරිම අපූරුවට නිර්මාණය කරල තියෙනවා. මේ කාමරවලට ඇතුළු වෙන කොටම දැනෙන්නෙ හරියට අපේම ගෙදරකට ගියා වගේ හැඟීමක්. ඒ විදිහට තමයි මේ නවාතැනේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. නාන තටාකයත් හරිම අපූරුයි. උඩ තියෙන තටාකෙ වතුර ටික ගසාගෙන ඇවිත් පුංචි දිය ඇල්ලක් නිර්මාණය කරමින් පහළ තටාකයට ඇදහැලෙනවා. අංගසම්පූර්ණ විශාල ප්‍රමාණයේ කාය වර්ධන මධ්‍යස්ථානයක්, ආයුර්වේද ස්පා එකක් වගේම ඔබගේ ජීවිතයේ වැදගත්ම දිනය වෙනස්ම ආකාරයෙන් සැමරීමට රාජකීය මංගල ශාලාවක් ඇතුළු සියලු සැප සම්පත් මේ පුංචි වනාන්තරය ඇතුළේ පිහිටි නවාතැනේ තියෙනවා.
Deer Parkහෝටලයෙ තියෙන සුන්දරම ස්ථානය තමයි ඛ්නැ ඪසැඅ ඡදසඑ එක. එතැන ඩෙක් එක උඩ තියෙන ීමබ ඊැා එකක් උඩ හාන්සි වුණාම දවසක් වුණත් වැව දිහා බලාගෙන ඉන්න පුළුවන්. හවස් වරුව තමයි ලස්සනම. ඉර බැසයන දර්ශනය හරිම අපූරුවට මෙතැනට පේනවා.
ආගන්තුක සත්කාර ගැන, පිරිසුදුකම ගැන, කෑම බීම ගැන මම අද කතාකරන්නෙම නෑ. මොකද ඒ ගැනත් කිව්වොත් ආර්ටිකල් එක සති දෙකකට අපට දාන්න වෙන්නෙ. කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. මේ තියෙන පිළිගැනීම සහ පරිසරය හින්දම වෙන්න ඇති 2019 ලංකාවෙ හොඳම හෝටල් 24න් 12 වැනි ස්ථානයට මේ නවාතැන තෝරාගන්නේ. හතු පිපෙනවා වගේ හෝටල් හැදෙන කාලේ මෙය ලංකාවේ තියෙන නවාතැන් දහස් ගණනෙන් 12 වැනි තැනට තේරෙනවා කියන්නේත් කොච්චර ලොකු ආඩම්බරයක් ද?
ඇත්තටම මට නම් මේ හෝටලය දිව්‍ය ලෝකයක් වගේ. හොඳට හුස්ම අරගෙන සැහැල්ලුවෙන් ඉඳලා එන්න පුළුවන් තැනක්. මෙතැන පටන් අරගෙන දැන් අවුරුදු 25ක් වුණාට ලංකාවේ අය මේ ගැන වැඩිය දන්නෙ නෑ. ලක්ෂ ගණන් වියදම් කරලා රට රටවල කොන්ක්‍රීට් බිල්ඩින්වල නවතින්න යන නෝනල මහත්තයලට මම ආරාධනා කරනවා දවසක් මෙහේ ඉඳලා බලන්න කියලා. ඔබට ආපහු යන්න හිතෙන එකක් නෑ.
0776601050 / 0775227755 අංක අමතා ඔබේ දිනය කලින්ම වෙන්කරවා ගන්න.
නිශ්ශංක මුවර්