කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඒකාබද්ධ වෙමින් වැල්ලවායේ හඳපාන්ගල ඌව වෙල්ලස්ස කාන්තා සමිතියේ සාමාජිකාවන් 265 දෙනෙකු සවිබල ගැන්වීම වෙනුවෙන් පසුගියදා මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්විය.
මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ කාන්තාවන් ප්‍රධාන වශයෙන් රටකජු වගා කරන අතර එයට අමතරව කාබනික එළවළුද වගා කරයි. මෙම කණ්ඩායමේ මූල්‍ය සාක්ෂරතා මට්ටම වර්ධනය කිරීමට අමතරව මෙවැනි සම්මන්ත්‍රණයක් පැවැත්වීම මගින් එම කණ්ඩායම මෙරට විධිමත් මූල්‍ය අංශයට සම්බන්ධ කර ගැනීමට බැංකුව අපේක්ෂා කර ඇත.
මෙම වැඩසටහනේ සම්පත් දායකයා ලෙස මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යාපාරික සංවර්ධනය පිළිබඳ පළපුරුදු දේශක ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ, රෝහිත අබේකෝන් මහතා සහභාගි විය.











