කොමර්ෂල් බැංකුව සිය නවතම බැංකු කාඞ්පත ලෙස විදේශයන්හි සංචාරය කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් සහ පහසුව වැඩිකිරීම සඳහා පෙර-ගෙවුම් ට්‍රැවල් කාඞ් පතක් හඳුන්වාදී තිබේ.
මෙම කාඞ් පත ලෝකයේ ප්‍රමුඛතම ගෙවීම් ජාලය වන වීසා සමඟ එක්වී එළිදක්වා තිබෙන මෙම කාඞ්පත ඇමෙරිකානු ඩොලර්, බි්‍රතාන්‍යය පවුම්, යූරෝ, සිංගප්පූරු ඩොලර් සහ ඕස්ටේ්‍රලියානු ඩොලර් යන මුදල් ඒකක සඳහා ලබා ගත හැක. ලෝකය පුරා මෙම කාඞ්පත භාවිත කිරීම පහසු කිරීම සහ එහි ආරක්ෂාව වැඩි කිරීම සඳහා මෙය NFC සහ PIN යෝග්‍යතාවයෙන් යුක්තව හඳුන්වාදී තිබේ.











