කොවිඞ්-19 වසංගත තත්ත්වය මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට සෘණාත්මකව බලපා තිබෙන තත්ත්වය හමුවේ මේ වනවිටත් තමන්ගේ ණය අක්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහන මාලාවක් නිවේදනය කර තිබේ.
කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ණය ගැනුම්කරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබෙන ණය සහන වැඩසටහන යටතේ මෙම සහන ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ යටතේ ණය ගැනුම්කරුවන්ට තම ණය නැවත සකසා ගැනීමට අවස්ථාව හිමිවෙනවාට අමතරව මාස හයක් පොලී මුදල් නිසි වේලාවට අඛණ්ඩව ගෙවීම මගින් අදාළ ණය ක්‍රියාකාරී ණය ලෙස යළි වර්ගීකරණය කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත.
2020 මාර්තු 25 වැනිදා වනවිට සිය ණය අක්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන ණය ගැනුම්කරුවන්ට මෙම සහන වැඩසටහනට අයදුම්කළ හැකි අතර මෙයට ප්‍රාග්ධනය සහ පොලී අනුපාතය නැවත සකස් කිරීම, ණය පොලී අනුපාත සඳහා අයකර තිබෙන දඩ මුදල් ඉවත් කරවා ගැනීම, නැවත සකස් කළ ණය මුදල ගෙවා අවසන් වනවිට දැනටමත් ගෙවා තිබෙන පොලී අනුපාතයෙන් යම් ප්‍රතිශතයක් අඩුකර ගැනීම, මාස හයක් දක්වා ණය සහන කාලයක් ලබාගැනීම, 2020 සැප්තැම්බර් මාසය අග දක්වා අදාළ ණය මුදල්වලට සම්බන්ධ වත්කම් වෙන්දේසි කිරීම වළක්වා ගැනීම යන සහනද ඇතුළත් වේ.











