කොතෙකුත් තේ වර්ග වෙළෙඳපොළට පැමිණියද නොවෙනස්ව “කොටගල කහට” රසය සමග ළබැඳිව සිටින පාරිභෝගික ප්‍රජාව වෙත සිය කෘතවේදීත්වය පළකරමින් “කොටගල කහට – රස වාසනා” පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන 2019 වසරේදීත් පැවැත්වෙන බව පසුගියදා නිවේදනය කෙරිණි. ඒ අනුව 2019 සැප්තැම්බර් මස 05 වැනිදා සිට නොවැම්බර් මස 8 වැනිදා දක්වා “කොටගල කහට – රස වාසනා” ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් අයදුම්පත් භාරගැනේ.
“කොටගල කහට – රස වාසනා” 2019 තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම, ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කළ ඕනෑම ප්‍රමාණයේ “කොටගල කහට” ඇසුරුමක්, තැපැල් පෙට්ටිය 161, කොළඹ යන ලිපිනයට එවිය යුතුය. එයට අමතරව ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන කාල සීමාව තුළ “කොටගල කහට” ප්‍රචාරක රථය දිවයින පුරා නගර 112 ක සංචාරය කරනු ලබන අතර එම ප්‍රචාරක රථයටද අයැදුම්පත් භාරදිය හැකිය.