32 හැවිරිදි මවක් ලොව වේගවත්ම කාන්තාව තවමත් තමන් යයි ඊයේ දින කටාර් හි පැවති 2019 ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරගය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් ඔප්පු කර පෙන්වන ලදී.
ඇය ජයග්‍රාහී සිමාව පසුකර සුළු මොහොතකින් ක්‍රීඩා පිටියට දිව පැමිණියේ ඇයගේ දෙහැවිරිදි කුඩා පුත්‍රයාය ,,තම දරුවා සිප ගෙන ජයග්‍රහණය සමරු ඇ ඔබ කවුරුත් හදුනන ජැමෙයිකානු ජාතික “පොකට් රොකට් ” නමින් ද හදුන්වන ෂෙලී ඇන් ෆ්රේසර් ය.
ජයග්‍රහණයෙන් පසුව ෂෙලී ඇන් ෆ්රේසර් පැවසුවේ තමන්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂතම ජයග්‍රහණය මෙම තරගය බවත් තම දරුවා ඉදිරියේ එම දස්කම් දැක්වීමට හැකියාව ලැබීම විශේෂ සිදුවීමක් බවත් මෙම ජයග්‍රහණය ලොව පුරා සිටින සමස්ත මව් වරුන්ට පුදන බවත් හැගුම්බරව ප්‍රකාශ කලාය.
2008 චීනයේ බෙයිජිං හා 2012 ලන්ඩන් හිදී ලෙස ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හිමිකර ගෙන 2016 බ්‍රසීලයේ රියෝ ද ජැනොරෝ හිදී ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වය වෙනුවෙන් තරග වැදුනද යම් අබාධ මට්ටමක සිටි ඇයට තම රටෙම් එලෙනා තොම්සන් ඉදිරියේ පසුබසින්නට වූ අතර ඇයට හිමිවුයේ තෙවන ස්ථානයයි.
මිට අමතරව 2009 ජර්මනියේ බර්ලින් නුවරදීත්, 2013 රුසියාවේ මොස්කොව් නුවරදීත් ,2015 චීනයේ බෙයිජිං නුවරදීත් ලෙස මෙයට පෙර ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරග 3 ක රන් පදක්කම් හිමිකර ගෙන තිබු අතර ඊයේ දින ජයග්‍රහණය කලේ තමන්ගේ 4 වන ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ රන් පදක්කමයි.
ජැමෙයිකාවේ කිංස්ටන් හි දුගී පවුලක උපත ලැබූ ෂෙලී ඇන් ෆ්රේසර් කුඩා කල තම පියා නොමැතිව මව විසින් ඉතාමත් අසීරුවෙන් හදා ගත් අතර ඇයට බොහෝ විට ලැබී ඇත්තේ එක් ආහාර වේලක් හෝ දෙකක් වී ඇති අතර නිසිලෙස ඇදුම් පැළදුම් වත් නොතිබි ඇති අතර කෙසේ හෝ ඇය ක්‍රීඩවට යොමුවෙමින් දක්ෂතා පෙන්වමින් ක්‍රීඩාව තුලින් තම දිවිමග එලි කර ගන්නට සමත් වි ඇත.
ඇය ලෝක මලල ක්‍රීඩා පිටියේ නමක් දිනා ගන්නා විටම ෂෙලී ඇන් ෆ්රේසර් විසින් 2012 වන විටම “පොකට් රොකට් ” නමින් පදනමක් බිහිකරමින් දුගී දුප්පත් පිරිසටත් දක්ෂතා දක්වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගෙන ඔවුන් වඩාත් පහසුකම් සහිත මලල ක්‍රීඩා පාසල් වලට යොමුකිරිමටත් ඔවුන්ගේ අධ්‍යාපන, ආහාර, නේවාසික ,ක්‍රීඩා උපකරණ සදහා ශිෂ්‍යත්ව තමන්ගේ පදනම හරහා ලබා දෙමින් ඊට අමතරව ඔවුන් හා හැකිවිට නිතර මුණ ගැසෙමින් ඔවුන් සමග සම්බන්ධතා පවත්වමින් සිටින නිහතමානී බැතිමත් ක්‍රිස්තු භක්තික ක්‍රීඩිකාවකි.
ජෝසප් ඩයස් (Joseph Dias )