ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 05 වැනිදාට ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර් මස 02 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (30) තීන්දු කළේය.