ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත’ ප්‍රතිනිර්මාණය කරමින් යාවත්කාලීන කරන ලද නව ක්‍රිස්බ්‍රෝ වෙඞ් අඩවිය වැඩි දියුණු කරන ලද තාක්ෂණික හැකියාවන්ගෙන් සහ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස එක් කරනු ලැබු පහසුකම් රැසකින් සමන්විත වී ඇත. සිය අභිනව වෙබ් අඩවිය තුළ ක්‍රිස්බ්‍රෝ සමගින් ගනුදෙනු කරන සියලු පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර අපනයන ක්ෂේත්‍රය වෙත වැඩියෙන් නැඹුරු වී සිටින ක්‍රිස්බ්‍රෝ සමාගම මෙම වෙබ් අඩවිය තුළින් ඒ සඳහා ද පහසුකම් සලසා දී තිබේ. ක්‍රිස්බ්‍රෝහි සන්නාම උපාය මාර්ගය බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ කුකුළු ගොවිපළ කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සහ අපනයන වෙළෙඳපොළ ප්‍රවේශය ද මෙම ප්‍රතිනිර්මාණය කරන ලද අභිනව වෙබ් අඩවිය මගින් නිරූපණය වනු ඇත.
“ක්‍රිස්බ්‍රෝ නිෂ්පාදන විශිෂ්ටත්වය සහ සමාගමේ තිරසාර ව්‍යාපාරික ක්‍රිමවේදයන් පිළිබඳව පැහැදිලි අදහසක් අපගේ පාරිභෝගිකයින්ට සැපයුම්කරුවන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන බැවින් මෙම අභිනව වෙබ් අඩවිය ක්‍රිස්බ්‍රෝ ගමන්මගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව මගේ අදහසයි. ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවිය ක්‍රිස්බ්‍රෝ සන්නාමයේ දැක්ම සහ මෙහෙවර මනාව පිලිබිඹු කෙරෙන සන්නිවේදන ක්‍රියාදාමයක් වන අතරම අපනයන අවස්ථා ශක්තිමත් කරමින් විදේශ විනිමය රට තුළට ගලා ඒම වර්ධනය කිරීමත් ඒ තුළින් රටේ ආර්ථිකයට සවියක් බලා දීම අපගේ දිගුකාලීන අරමුණු අතර පවතිනවා”යනුවෙන් ක්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරේස් සෙලර් මහතා පැවසීය.











