• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද විශ්‍රාම ගත්තොත්…? (විමලසිරි ගම්ලත්ගේ ‘රටේ පැත්ත’)

September 12, 2020
in Exclusive, Uncategorized
Reading Time: 10 mins read
A A
මහින්ද විශ්‍රාම ගත්තොත්…? (විමලසිරි ගම්ලත්ගේ ‘රටේ පැත්ත’)
Share on WhatsAppShare on Facebook

මෛත්‍රී – රනිල් ආණ්ඩු කරපු යහපාලන ආණ්ඩු සමයේ අරලිය ගහ මන්දිරය ඇතුළේ විරුද්ධවාදී දේශපාලකයන්ගෙන් පළිගන්න කමිටුවක් පිහිටුවා තිබූ බව රහසක් නොවේ. ඒ දවස්වල උදේ හවා අරලියහ මන්දිරයේ රැස්වෙන මේ කමිටුව පැය ගණන් කතා කළේ මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිරේ යවන විදිහ ගැනය. මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ තෝරාගත් නායකයන්ට නඩු පටලවන එක ගැනය. මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් උසාවි ගානේ රස්තියාදු කරන එක ගැනය.

එදා මහින්ද ඇතුළු විපක්ෂයේ කණ්ඩායම හැමදාම උසාවි ගානේ ඇවිත් මාධ්‍යවලට කීවේ යහපාලන ආණ්ඩුව තමන්ගෙන් පළිගන්න බොරු නඩු පටලවා ඇතැයි කියාය. මේ දවස්වල දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීම සදහා පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ දැන් දිගහැරෙමින් පවතින්නේ එදා යහපාලන ආණ්ඩුව කළ මේ දේශපාලන පළිගැනීම්වල තරමය.

අත්අඩංගුවට ගන්නා විපක්ෂ මන්ත්‍රීවරුන් කව්ද, ඔවුන්ට එරෙහිව පවරන නඩුව කුමක්ද, බේරන්න වුවමනා මන්ත්‍රීවරුන් කව්ද යන්න පවා එදා තීන්දු කළේ අරලිය ගහ මන්දිරයේ රැස්වුණු මේ කමිටුවෙන්ය. එමෙන්ම මේ කමිටුවේදී වැඩියෙන්ම කතා කළේ රාජපක්ෂ පවුලේ අයට එරෙහිව පවරන නඩු පිළිබදවය. රාජපක්ෂවරුන් හිරේ දැමීම පිළිබදවය.

වරක් මේ විදිහට රාජපක්ෂවරුන් ගැන කතා කරද්දී සාකච්ජා මේසයට අමුතු නමක් ආවේය. ඒ වෙන කාගේවත් නොව රජජපක්ෂ පවුලේ මද්දුමයා වූ යෝෂිත රාජපක්ෂගේ නමය. රැස්වීමේ සිටි අයෙක් යෝෂිතව අත්අඩංගුවට ගත යුතු බව කියද්දී තවත් කෙනෙක් පවසා සිටියේ යෝෂිත දේශපාලඥයෙක් නොවන නිසා ඔහුව අත්අඩංගුවට ගතහොත් මිනිස්සු හිනාවේවි යැයි කියාය. මෙහිදී රැස්වීමේ සිටි තවත් අයෙක් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ‘යෝෂිත ගත්තාම තමයි මහින්දට රිදෙන්නේ‘ යැයි කියාය. මහින්දට රිදෙන තැනට ගහලා බිම දැමීම මහින්ද දේශපාලනයෙන් ඉවත් කරන්න තියෙන හොදම මාර්ගය බව අනෙක් සාමාජිකයන්ද පිළිගත්තේ ඒ අනුවය.

යෝෂිතගෙන් පසු මහින්දගේ පපුවටම වදින ඊළග තැන මොකද්ද කියන එක මේ කමිටුවේ සාමාජිකයෝ හොදින්ම දැන සිටියහ. ඒ වෙන කවුරුවත් නොව ශිරන්තිය. ඒ අනුව මෙම කමිටුව ශිරන්තිටත් එරෙහිව චෝදනා ගොනු කළහ. ශිරන්තිව අද අත්අඩංගුවට ගන්නවා හෙට අත්අඩංගුවට ගන්නවා යැයි කියමින් ආණ්ඩුවේ මාධ්‍යවල දිනපතාම පාහේ පුවත් පළකරන්නට පියවර ගත්හ.

ඒ විතරක් නොව රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල්ටත් විවිධ චෝදනා ගොනුකොට අත්අඩංගුවට ගැනීමට මේ පිරිස කටයුතු කළහ.

මේ අය හිතුවා නිවැරදිය. තමන්ගේ පවුලේ එක එක්කෙනා හිරේට දමද්දී මහින්දගේ පපුවටම වැදුණේය. කවදාවත් දේශපාලනය නොකළ යෝෂිතව මාංචු දාලා හිරේට අරගෙන යද්දී මහින්දගේ ඇස් දෙකෙන් කදුළු කැට කඩන් වැටුණේය.

මේ අය මේ සියල්ල කළේ මහින්දව බය කරලා දේශපාලනයෙන් ඉවත් කරන්නටය. එහෙම නැත්නම් දේශපාලනයෙන් සදහටම විශ්‍රාම ගන්වන්නටය.

මහින්දගේ විශ්‍රාම යාම බලාපොරොත්තුවෙන් සිටියේ මේ රටේ විපක්ෂය පමණක් නොවේ. දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තතවාදී සංවිධාන, දුෂ්ඨ ජාත්‍යන්තර බලවේග වැනි සියල්ලන්ම බලාගෙන හිටියේ මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම යන තෙක්ය.

හැබැයි මේ කාටවත් මහින්දව දේශපාලනයෙන් විශ්‍රාම යවන්නට හැකි වුණේ නැත. ජනතාව මහින්දව යළි බලයට ගෙනාවේ තුනෙන් දෙකේ ජනවරමක් දීලාය.

‘මහින්ද අගමැති ධූරයේ ඉන්නේ තව අවුරුදු දෙකයි. 2022දි මහින්ද විශ්‍රාම යනවා. එහෙම විශ්‍රාම ගියාට පස්සේ මහින්දගේ තනතුරට තවත් රාජපක්ෂ කෙනෙක් එනවා…’

මේ පසුගිය සතියේ මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබූ පුවතකි. මෙහෙම පුවතක් එම පුවත්පතේ පළකර තිබුණේ මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම යාමක් ගැන කොහේවත් වචනයක් හෝ කතාකොට නොතිබූ පසුබිමකය. අඩු තරමින් මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම යාම ගැන කතා කරනවා තියා ඒ ගැන හිතාවත් නොතිබුණු මොහොතකය.

දැන් මහින්දගේ් විශ්‍රාම යාමක් ගැන හදිසියේම කතාවක් මතු වී ඇත්තේ මහින්දගේ දරුවන් පවා හිරේ දමා මහින්දව විශ්‍රාම යවන්න බැරිවූ පසුබිමකය. එහෙමත් නැතිනම් මහින්දට තුනෙන් දෙකක ජනවරමක් දී රටේ අගමැතිවරයා විදිහට ජනතාව විසින් තෝරා ගෙන ඇති පසුබිමකය.

‘ඇත්තටම මහින්ද දැන්ම විශ්‍රාම යන්න වුවමනාද? මහින්දට විශ්‍රාම යන්න කාලය හරිද…?’

මේ බොහෝ දෙනකුට අද මතුවී ඇති ප්‍රශ්නයය.

දැන් මහින්දගේ වයස අවුරුද 74කි. මේ විදිහේ වයසක දේශපාලනයේ පීක් එකේ සිටියදී විශ්‍රාම ගිය දේශපාලකයන් ලංකාවේ හොයාගන්නට නැත. එහෙම විශ්‍රාම ගිහින් තිබුණේ සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. සහ ඩී.බී. විජේතුංග විතරය.

හැබැයි කොතලාවල විශ්‍රාම ගියේ නැත. එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ කමිටුවක් පත් කොට නායකත්වයෙන් ඉවත් වන ලෙසට සර් ජෝන්ගෙන් ඉල්ලීමක් කළහ. සර් ජෝන් විශ්‍රාම ගියේ ඒ අනුවය.

ජේ.ආර්. විශ්‍රාම ගියේ තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සොයා බැලීම සදහා කමිටුවක්ද පත්කොට තිබියදීය.

ඩී.බී. විජේතුංග ජනාධිපතිවරණයට ඉල්ලන්න සූදානමින් සිටියත් ඊට පෙර පැවැති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම නිසා විශ්‍රාම යාමට හිත හදා ගත්තේය.

චන්ද්‍රිකා දේශපාලනයෙන් විශ්‍රාම ගියත් පක්ෂ නායකත්වය අත්හැරීමට කටයුතු කළේ නැත. 2015 මහින්ද පරද්දලා ගෙදර යැව්වාට පසු චන්ද්‍රිකා සැලසුම් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අල්ලා ගන්නටය.

අනෙක් පක්ෂ නායකයනුත් එහෙමය. ඩී.එස්. මැරෙනකම්ම පක්ෂ නායකයා ලෙස කටයුතු කළේය. ඩඩ්ලිද මැරෙනකම්ම පක්ෂ නායකයා ලෙසත්, අගමැති ලෙසත් කටයුතු කළේය. සිරිමාවෝ මැතිනිය මැරෙනකම්ම පක්ෂ නායිකාව වූවාය. මෛත්‍රීපාල සිරිසේනද තවමත් ශ්‍රී ලනිපයේ නායකයාය. පසුගිය මහමැතිවරණයෙන් එජාපය ලක්ෂ 2ට බැස නන්නත්තාර වුවත් තවමත් අවුරුදු 26ක් තිස්සේ එජාපයේ නායකයා වශයෙන් කටයුතු කරන්නේ රනිල්ය.

‘එහෙනම් ඇයි මහින්දට විතරක් විශ්‍රාම යන්න කියලා සමහරු පත්තරවල නිවුස් දාන්නේ…’

ජේ.ආර්. විශ්‍රාම ගියේ අවුරුදු 82දීය. මැතිනිය පක්ෂ නායකත්වයේ සිට මියයද්දී වයස අවුරුදු 84ක් විය.මහින්දට තවම වයස අවුරුදු 74කි.

මහින්දව විශ්‍රාම යවන්න දගලන සියල්ලන්ම එක කාරණයක් හොද හැටි දනී. ඒ, මහින්ද විශ්‍රාම යවා ගත්තොත් පොදුජන පෙරමුණත්, පොදුජන පෙරමුණු ආණ්ඩුවත් ඉවරෙටම ඉවරයි කියන එකය. මොකද මුලු සෞරග්‍රහ මණ්ඩලයම සූර්යයා වටා කැරකෙන්න‌ා සේ මේ ආණ්ඩුව කැරකෙන්නේ මහින්ද වටා බව මේ අය හොදින් දනී. ඉර වටා යන ග්‍රහයන්ට ඉරෙන් එළිය ලැබෙන්න‌ා සේ ආණ්ඩුවට එළිය ලැබෙන්නේ මහින්දගෙන් බවද මේ අය දනී. සූර්යයා ඉවත් වුණොත් සෞරග්‍රහ මණ්ඩලයම කළුවර වන්නා සේ මහින්ද ඉවත් වුණොත් මුළු ආණ්ඩුවම කළුවර වන බව මේ අය දනී. 2022 වන විට කොහොම හරි මහින්දව විශ්‍රාම යවාගන්න මේ අය දත කන්නේ ඒකය.

‘මහින්ද ඇත්තටම 2022 විශ්‍රාම යයිද’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. යහපාලන ආණ්ඩුව මහින්දගේ දරුවන් එකා පිට එකා හිරේ දමද්දී බය වෙලා දේශපාලනයෙන් විශ්‍රාම නොගිය මහින්ද රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී තිබියදී විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඇදි පුටුවක කකුල දිගහැරගෙන සිටීවි යැයි සිතන්නට බැරිය.

ඒ නිසා මේ කරන්නට යන්නේ වෙන මොකක්වත් නොව මහින්දට ගහලා වට්ටලා ගෝඨාව ඉවර කරන්නටය. මොකද ගෝඨා යනු දක්ෂ පරිපාලකයෙකි. මහින්ද යනු දක්ෂ දේශපාලකයෙකි. ගෝඨා කියන දක්ෂ පරිපාලකයා ශක්තිමත් වීමට මහින්ද කියන දක්ෂ දේශපාලකයා අත්‍යවශ්‍යය. ඒ දෙන්නා හරියට ගහට පොත්ත වගේ එකට සිටිය යුතුය. මේ හදන්නේ ඒ ගහෙන් පොත්ත ගලවා ගහත් පොත්තත් එකවර ඉවර කරන්නටය.

විමලසිරි ගම්ලත්

SendShareShare
Previous Post

සෙලින්කෝ ලයිෆ් සුර්යබලයට ආයෝජනය කරයි

Next Post

ක්‍රිස්බ්‍රෝ සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරයි

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.