කොවිඞ්-19 වසංගතය අතරතුර සියලුම වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයින් මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ගේ අපරිමිත සේවය අගයමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) පැවසුවේ මෙම ඇඳිරි නීති කාලය තුළ පීඩනය යටතේ ඖෂධ ආනයනකරුවන්, බෙදාහරින්නන්, ඖෂධ සැල් මෙන්ම නියාමකයින් කළ සේවය වෙනුවෙන් ඔවුන්ට විශේෂයෙන් ස්තූතිවන්ත වන බවයි-
කොවිඞ්-19 වසංගතයට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමක් ලෙස, සෑම පුද්ගලයෙකුගේම ඖෂධ හා සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමට ඖෂධ සැල් හා ඖෂධවේදීන් සමඟ එක්ව බෙදාහැරීමේ රියදුරන් ඇතුළුව සැපයුම් ජාල හා සැපයුම්කරුවන් වෙහෙස මහන්සිවී වැඩ කරන බව අප්‍රේල් 7 වැනිදාට යෙදුණ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් SLCPI පවසයි-
“මෙම ගෝලීය වසංගතය හේතුවෙන් සමාගම් තම ව්‍යාපාර ඉදිරියට කරගෙන යන ආකාරය පිළිබඳව නැවත සිතා බැලීමේ තත්ත්වයට පත්ව ඇත. වෙනස් වන රජයේ ප්‍රමුඛතාවන් මගින් වඩාත් නරක අතට හැරුණු අනපේක්ෂිත තත්ත්වයකට අනුගත වීමටද ඔවුන්ට සිදුව ඇත. අනෙක් අතට ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගත් මෙම වසංගතයට ප්‍රතිකාරයක් සෙවීම සඳහා වෛද්‍ය පර්යේෂකයින් පැය 24 පුරා වැඩ කරන අයුරු අපට දකින්ට පුළුවන්” යනුවෙන් SLCPIහි සභාපතිනී කස්තුරි චෙල්ලරාජා මහත්මිය පැවසුවාය.











