ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසඳුම් සම්පාදනය කිරීම සහ එම ගැටලු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රමවේදයන් පිළිබඳ විස්තර ඇතුළත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති Huawei Support APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි පැන නගින විවිධ ගැටලු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ අවස්ථාව පරිශීලකයින්ට හිමි වේ.
Huawei Support APP මඟින් පරිශීලකයින්ට සේවා මධ්‍යස්ථානවල කාලය නාස්ති කිරීමකින් තොරව online ක්‍රම වේදයක් හරහා ආරක්ෂිතව ස්මාර්ට්ෆෝන් ගැටලු පහසුවෙන් විසඳා ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙම Appහි Smart Diagnosis හරහා ඉතා පහසුවෙන් දුරකතනයේ software සහ hardware පිළිබඳ ගැටලු, දුරකථන තිරයේ හට ගන්න විවිධ ව්‍යාකූලතා, බල පරිභෝජනය සහ charging සම්බන්ධ දෝෂ, Connectivity, ජංගම දුරකථන ජාලය අවහිරතා, පද්ධති බිඳ වැටීම්, App සහ කැමරා සම්බන්ධ ගැටලු ඇතුළු ඕනෑම ආකාරයේ ගැටලුවක් ඉතා ඉක්මනින් පරිශීලකයාට දැන ගැනීමේ අවස්ථාව හිමි වේ.











