‘අබිමන් වරම්’ මෙහෙවර රැගෙන, ජයගත් සිසු සිසුවියන් පසුපසින් සිට ඔවුන්ට සහාය දුන් පුද්ගලයන් හමු වී ඔවුන් අගය කිරීමට ෆොන්ටෙරා සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන ‘ඇන්කර්’ මෑතකදී කටයුතු කළේය. මෙරට දරු දැරියන්ට හෙට දවසේ ශූරයන් වීමට මඟපෙන්වීමේ අරමුණ පෙරදැරි කොටගත් ‘ඇන්කර්’ නියෝජනය කරමින් කණ්ඩායම් කිහිපයක් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පස්යාල පළාත් තුළ පිහිටි පාසල් වෙත මෙසේ පිවිසුණි.
‘අබිමන් වරම්’ යනු ඇන්කර් සහ MBC මාධ්‍ය ජාලය එක්ව ක්‍රියාවට නැංවූ වැඩසටහනකි. මෙම වැඩසටහනේ අවසන් මහා තරගයේදී විවිධ කාණ්ඩ යටතේ විශිෂ්ටතම දක්ෂතා දැක්වූ දරුවන් 10 දෙනෙකු තෝරාගැනුණු අතර ඔවුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ඔවුන් තෝරාගත් ක්ෂේත්‍රයක් තුළ වසරක් පුරා දිවෙන මඟපෙන්වීමේ වැඩසටහනකට සහභාගි වීමේ අවස්ථාව ලබාදීම සිදුවිය.











