දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙසේ සන්නද්ධ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර තිබේ.
සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පවා ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බවකි.










