අලියාන්ස් රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කණ්ඩායම්, ස්වේච්ඡා සහභාගී වන්නන් සහ රසිකයන් එකට එක් කිරීම වෙනුවෙන් දේශීය වැඩ කටයුතු පුළුල් කරයි.
සිය නිෂ්පාදන හා සේවාවන් සමඟ ඔලිම්පික් හා පැරාඔලිම්පික් ව්‍යාපාරයන් දිරිමත් කරයි.
2006 වසරේ සිට පැරාඔලිම්පික් තරගාවලිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අලියාන්ස් පසුගිය ජනවාරි 1 වනදා ඔලිම්පික් හා පැරාඔලිම්පික් තරගාවලි සමඟ අටවසරක ලෝක ව්‍යාප්ත හවුල්කාරීත්වයක් ආරම්භ කරනු ලැබීය.
අලියාන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් බේට් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ලෝකය පුරා රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් පත් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ක්‍රීඩා කටයුතු සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන සහකරුවකු වශයෙන් මෙන්ම විශිෂ්ටත්වය, මිත්‍රත්වය, අන්තර්ගතය හා ගෞරවය යනාදී මූලික සාරධර්මයන් තුළින් අලියාන්ස් සමාගම, 148,000ක් පමණ වන සේවක ප්‍රජාව මෙන්ම 10,000ක් පමණ වන නියෝජිතයන් පිරිසක් මේ සමඟ එක්ව සිටිනවා. ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම උදෙසා ඔවුන්ව ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරනු ඇත.” යනුවෙන් පැවසීය.











